Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
|
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 101 වැනි ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරතාවලියේ බාලක කේවල (වයස 18 පහළ) ශූරතාව දිනාගැනීමට අවින්ද්‍ර පෙරේරා සමත් විය. ඒ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස ආඩවන් පුෂ්පරාජ් පරාජය කරමිනි.
අවින්ද්‍ර පෙරේරා පිට පිටම ජාතික කනිෂ්ඨ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර ඉකුත් වසරේදී (2015) ඔහු එම ශූරතාව දිනාගත්තේද ආඩවන් පුෂ්පරාජ් පරාජය කරමින් වීම සුවිශේෂී සිදුවීමකි.
අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 7/5 ක් ලෙස ජයගත් අවින්ද්‍ර, දෙවැනි වටය 6/4 ක් ලෙස ජයගනිමින් වට 2-0 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතු කරගත්තේය.
පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස උදය චන්ද්‍රන් ශ්‍රීනාත් පරාජය කරමින් අවින්ද්‍ර අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. ආඩවන් පුෂ්පරාජ් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස අර්චන ලොකුගේ පරාජය කරමිනි.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස බි්‍රටේනියා සමාගම කටයුතු කරන අතර සම අනුග්‍රාහකයන් ලෙස ජනශක්ති රක්ෂණ සමාගම සහ පෙරේරා සහ පුත්‍රයෝ සමාගම කටයුතු කරයි. තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා වන්නේ ඩන්ලොප් සමාගමයි.
බාලක කේවල අවසන් මහ තරගය
■ අවින්ද්‍ර පෙරේරා විසින් තරග වට 2-0 ලෙස ආඩවන් පුෂ්පරාජ් පරාජය කරන ලදි. (7/5, 6/4)
බාලක කේවල අවසන් පූර්ව තරග
■ අවින්ද්‍ර පෙරේරා විසින් තරග වට 2-0 ලෙස උදයචන්ද්‍රන් ශ්‍රීනාත් පරාජය කරන ලදි. (6/1, 6/0)
■ ආඩවන් පුෂ්පරාජ් විසින් තරග වට 2-0 ලෙස අර්චන ලොකුගේ පරාජය කරන ලදි. (6/2, 7/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.