Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය පරාජයෙන් ගැලවීමේ සටනක
මීර්පූර් ටෙස්ට් තරගය

බංග්ලාදේශය පරාජයෙන් ගැලවීමේ සටනක

editorial - 2024 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කයිල් වරීන් (114) සහ වියාන් මල්ඩර් (54) එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ශතක සම්බන්ධතාව නිසා ලකුණු 202 ක මුල්ඉනිමේ වාසියක් අත්කරගත් දකුණු අප්‍රිකානුවෝ බංග්ලාදේශය පීඩනයට පත්කරමින් සිටිති. මීර්පූර් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (22 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී කඩුලු 3 කට ලකුණු 101 ක් ලබා සිටියේය. 

ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් බංග්ලාදේශය තවත් ලකුණු 101 ක් ලබාගත යුතුවන අතර තවත් කඩුලු 7 ක් අතැති හෙයින් එය එතරම් අපහසු නොවනු ඇතැයි පෙනෙන්නට තිබේ. එහෙත් දකුණු අප්‍රිකානුවන්ට තවත් ඉනිමක් ඉතිරිව ඇත. 

ආරම්භක පිතිකරු මහමදුල් හසන් ජෝයි (නොදැවී 38) සහ බංග්ලාf්දශයේ වඩාත්ම පළපුරුදු පිතිකරුවා වන මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 31) අද සවස තරගය නතර කරන විට පිටියේ රැඳී සිටියහ. 

දෙවැනි ඉනිමේදී තුන්වැනි කඩුල්ල ලකුණු 59 දී බිඳ වැටීමෙන් බංග්ලාදේශය අලි අමාරුවක වැටුණේය. එහෙත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ මුෂ්ෆිකුර් රහීම් සහ ආරම්භක පිතිකරුවා ලකුණු 101 ක් කරා තම කණ්ඩායම කැඳවාගෙන ගියහ. ඒ අතරවාරයේදී සිය 6000 වැනි ලකුණ ලබාගත් මුෂ්ෆිකුර් රහීම් බංග්ලාදේශය වෙනුවෙන් එවන් දස්කමක් කළ පළමුවැන්නා ලෙස වාර්තා පොතට එක්වූයේය. 

දකුණු අප්‍රිකානු පිල ගොඩගන්නා ලද්දේ කඩුලු රකින්නා වූ කයිල් ව’රීන් විසිනි. ව’රීන්ගේ ශතකයත් වියාන් මල්ඩර්ගේ අර්ධ ශතකයත් නිසා කඩුලු 6 කට 108 ක් ව තිබූ ලකුණු පුවරුව කඩුලු 6  කට 227 ක් විය. 

ලකුණු 227 දී මල්ඩර් දැවී යාමෙන් පසුව යැවුණු පන්දුවේදී කේෂව් මහාරාජ් ද දැවී ගිය නමුත්, ව’රීන් සමග එක්වූ ඩෑන් පීඩ් ලකුණු සංඛ්‍යාව 293 දක්වා ඇදගෙන ගියේය. ඉනිමේ අවසානයට දැවී ගිය පිතිකරුවා කයිල් ව’රීන් විය. ඔහුගේ ඉනිම හතරේ පහර 8 කින් සහ හයේ පහර 2 කින් සමන්විත විය. 

“මා හිතන්නේ මම මුහුණ දුන් අසීරුතම ඉනිම ඒකයි. ඒ කියන්නේ දැඩි රස්නය විතරක් නෙමේ අධික දහදිය දැමීමත් නිසා”

“ඇරත් ඒ ඉනිමේ 90% ක්ම තිබුණේ දඟ පන්දු. පන්දු එකකට එකක් අතර තිබුණ කාලය ඉතාම සීමිතයි. කිසියක් හිතාගන්න කාලයක් තිබුණේම නෑ... කොහොම වුණත් මේ ඉනිම මගේ ක්‍රිකට් ජීවිතයේ හොඳම ඉනිමක්” යයි කයිල් ව’රීන් තරගයෙන් පසුව පැවසීය. 

බංග්ලාදේශය - පළමු ඉනිම 106 යි

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 308 යි
(ටෝනි ඩි’සෝර්සි 30, ටි්‍රස්ටන් ස්ටබ්ස් 23, ඩේවිඩ් බෙඩින්ග්හැම් 11, රයාන් රික්ල්ටන් 27, කයිල් වරීන් 114, වියාන් මල්ඩර් 54, ඩෑන් පීට් 32, හසන් මහමුද් 66/3, මෙහෙදි හසන් මිරාස් 63/2, තයිජුල් ඉස්ලාම් 122/5)

බංග්ලාදේශය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 101 යි
(මහමුදුල් හසන් ජෝයි නොදැවී 38, නජ්මුල් හොසේන් ශන්ටෝ 23, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 31, කගීසෝ රබාඩා 10/2)

- 213


අදහස් (0)

බංග්ලාදේශය පරාජයෙන් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.