Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශය ලකුණු 88 ක් ඉදිරියෙන්

බංග්ලාදේශය ලකුණු 88 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 45 ක් ලබා සිටියේය.

ඒ අනුව පළමු ඉනිමේදී ලද ලකුණු 43 ක වාසියත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට ඕස්ටේ්‍රලියාවබ වඩා ලකුණු 88 ක් ඉදිරියෙන් සිටියි.

පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් ටමීම් ඉක්බාල්, දෙවැනි දිනය සඳහා අද (28 වැනිදා) තරගය නතර කරන විට නොදැවී 30 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි තයිජුල් ඉස්ලාම් ලකුණු ලබා සිටියේ නැත.
මුලු ලකුණු සංඛ්‍යාව 43 ක් වන විට බංග්ලාදේශ දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල බිඳ වැටුණ අතර එහිදී ලකුණු 15 ක් ලබා සිටි සෞම්‍ය සාකර් දැවී ගියේ ඇස්ටන් ඒගර්ගේ පන්දුවක් හමුවේ උස්මාන් කවාජා අතට උඩ පන්දුවක් දෙමිනි.

තරගයේ පළමු දිනය වූ (27 වැනිදා) ඊයේ තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 18 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානු කණ්ඩායම, අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 199 ක් එක්කර ගත්තේය.

එහිදී දක්ෂ පන්දුයැවීමක නිතර වූ සකීබ් අල් හසන් ලකුණු 68 කට කඩුලු 5 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු පළමු ඉනිම සුනුවිසුනු කර දැමූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් මෙහෙදි හසන් ලකුණු 62 කට කඩුලු 3 ක් දවාගත්තේය.


බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 260
(තමීම් ඉක්බාල් 71, සකීබ් අල් හසන් 84, මුෂ්ෆිකුර් රහීම් 18, නසිර් හුසේන් 23, මෙහෙදි හසන් 18, ශෆියුල් ඉස්ලාම් 13, ඇස්ටන් ඒගර් 46/3, පැට් කමින්ස් 63/3, නේතන් ලයන් 79/3)

ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 217
(මැතිව් රේන්ෂෝ 45, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 33, ග්ලේන් මැක්ස්වෙල් 23, ඇස්ටන් ඒගර් 41, පැට් කමින්ස් 25, සකීබ් අල් හසන් 68/5, මෙහෙදි හසන් 62/3)

බංග්ලාදේශ දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 45
(තමීම් ඉක්බාල් නොදැවී 30, සෞම්‍ය සාකර් 15)


- 036

 


අදහස් (0)

බංග්ලාදේශය ලකුණු 88 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.