Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ආසියානු ක්‍රීඩා උළෙලට (2022) නිර්දේශ ලබා ගැනීමේ හොකී තරගාවලියේදී ශ්‍රී ලංකාව ඊයේ (10) පැවැති තරගයකදී බංග්ලාදේශයට ගෝල 3-1 කින් පරාජයට පක්විය. රටවල් නවයක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ලබන ඉරිදා (15) දක්වා තායිලන්තය බැංකොක් නුවරදී පැවැත්වේ.
විපුල් වර්ණකුල ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ තරගයේ 44 වැනි විනාඩියේදී එකම ගෝලය වාර්තා කළේය. කෙසේවුවත් බංග්ලාදේශ කණ්ඩායම 18-23 හා 53 යන විනාඩිවලදී ගෝල තුනක් වාර්තා කිරීම තුළින් මෙම තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.
ඒ අනුව මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි (අවසන්) තරගය හෙට (12) ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතය. මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට තීරණාත්මක වන්නේ එය ජය ගැනීම තුළින් පමණක් ඔවුන්ට තරගාවලියේ ඉදිරියට යාමට අවස්ථාව හිමිවීම තුළිනි.
මූලික වටයේ පළමු තරගය ශ්‍රී ලංකාව ගෝල 5-2 කින් ජය ගැනීමට සමත් විය. මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ තරග වටයේදී ශූරතාව හා අනුශූරතාව ලබා රටවල් දෙක වසර 2022 ආසියානු ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබයි.
ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු ක්‍රීඩා උළෙලක හොකී (පිරිමි) ඉසව්ව සඳහා නිර්දේශ ලබා ගැනීම වසර 2014 දකුණු කොරියාවේ ඉන්චියොන්ග්, නුවරදී පැවැති 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී සිදුවිය. මෙම අවස්ථාව හිමි කර ගත්තේ වසර 38 කට පසුවය.
කෙසේවුවත් වසර 2022 චීනයේ ‘හන්ජු’ නුවරදී ලබන සැප්තැම්බර් 10 සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ නැවත උද්ගතවෙමින් පවතින කොවිඩ් වසන්ගතය හේතුවෙන් දින නියමයකින් තොරව කල් දමා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.