Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 33 වැනි තරගය ලෙස එංගලන්තය සහ බංග්ලාදේශය අතර ඇඩිලේඞ්හිදී අද (09) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් බංග්ලාදේශය ලකුණු 15 ක ජයක් ලැබීමත් සමඟ එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසිවිය.
නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව මේ වන විට ‘ඒ’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
ජයග‍්‍රහණය ස`දහා ලකුණු 276 ක ඉලක්කය හඹාගිය එංගලන්ත පිල ඕවර 48.3 කදී ලකුණු 260 කට සීමා විය.
කඩුලූ 8 ක් දැවී සිටි එංගලන්ත පිලට අවසන් ඕවර දෙකේදී ලකුණු 16 ක් රැස්කිරීමට බාරවූ අතර රුබෙල් හොසේන් 49 වැනි ඕවරයේ පළමු සහ තෙවැනි පන්දු දෙක අති විශිෂ්ට ලෙස යවමින් ස්ටුවට් බ්‍රෝඞ් සහ ජේම්ස් ඇන්ඩසන් දවා ගැනීමට සමත් විය.
මහුමුදුල්ලා, බංග්ලාදේශ ක‍්‍රිකට් ඉතිහාසයේ ලෝක කුසලාන තරගයක ශතකයක් රැස්කළ පළමු ක‍්‍රීඩකයා බවට පත්වෙමින් පන්දු 138 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 103 ක් වාර්තා කළේය.
මුෂ්ෆිකුර් රහීම් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 77 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 89 ක් රැස්කරමින් ලකුණු 275 ක් දක්වා රැුගෙන ආවේය.
මහුමුදුල්ලා සහ මුෂ්ෆිකුර් රහීම් පස්වැනි කඩුල්ලට ලකුණු 141 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
එංගලන්ත නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 275 (සෞම්‍ය සර්කර් 40, මහුමුදුල්ලා 103, මුෂ්ෆිකුර් රහීම් 89, සබීර් රහමන් 14, ජේම්ස් ඇන්ඩසන් 45/2, ක‍්‍රිස් ජොර්දන් 59/2)
එංගලන්ත පිල ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 260 (මුයින් අලී 19, ඉයන් බෙල් 63, ඇලෙක්ස් හේල්ස් 27, ජෝ රූට් 29, ජෝස් බට්ලර් 65, ක‍්‍රිස් වෝක්ස් 42, මෂ්රාෆි මොර්ටාෂා 48/2, රුබෙල් හොසේන් 53/4, ටස්කින් අහ්මඞ් 59/2)
- 048
තරගයේ විශේෂ අවස්ථා ...
ඡායාරූප : ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.