Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා උද්‍යාන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 149 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.
දෙවැනි දිනය (13 වැනිදා) සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 19 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 224 ක් ඉදිරියෙන් සිටියේය.
දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි ආරම්භක පිතිකරු ඩෙවෝන් සිමිත් ලකුණු 8 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර රාත්‍රී මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි කීමෝ පෝල් ලකුණු ලබා නොසිටියේය. කොදෙව් පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් ක්‍රෙග් බ්‍රැත්වේට්, දෙවැනි ඉනිමේදී සකීබ් අල් හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 8 කට දැවී ගියේය.
කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 354 ට පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට රැස්කරගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යද්දී, බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් හතරේ පහර 6 ක් සමග ලකුණු 47 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක ජේසන් හෝල්ඩර් ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගනිමින් බංග්ලාදේශ ඉනිම සුනිවිසුණු කර දැමීමට පුරෝගාමී වූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් ශැනෝන් ගේබි්‍රයෙල් සහ කීමෝ පෝල් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
පළමු දිනය වූ පෙරේදා (12) තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 295 ක් ලබා සිටි කොදෙව් ක්‍රීඩකයෝ ඊයේ දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 59 ක් එක්කර ගත්හ. කොදෙව් පළමු ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නායක ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමුගනි.
බටහිර ඉන්දීය කොදෙව් පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 354
(ක්‍රේග් බ්‍රැත්වේට් 110, කිරන් පවෙල් 29, ශායි හෝප් 29, ශිම්රොන් හැට්මෙයර් 86, රොස්ටන් චේස් 20, ජේසන් හෝල්ඩර් නොදැවී 33, මෙහෙදි හසන් 93/5, අබූ ජයේද් 38/3, තයිජුල් ඉස්ලාම් 82/2)
බංග්ලාදේශ පිල - පළමු ඉනිම සියලු දෙනා දැවී 149
(ටමීම් ඉක්බාල් 47, සකීබ් අල් හසන් 32, මුෂ්ෆිකුර් රහීම් 24, ජේසන් හෝල්ඩර් 44/5, ශැනොන් ගේබි්‍රයෙල් 19/2, කීමෝ පෝල් 25/2)
බටහිර ඉන්දීය කොදෙව් පිල - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 19
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.