බංග්ලාදේශ යොවුන් පිල එයි
සිවුදින තරග 2 කින් සහ එක්දින තරග 5 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ යොවුන් (වයස 19 න් පහළ) කණ්ඩායම මේ මස 13 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.
දෙරට අතර පැවැත්වෙන පළමු සිවුදින තරගය මේ මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි තරගය 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එක්දින තරගායවලියේ මුල් තරග 3 රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරග 2 කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය 9 වැනිදා නිමාවට පත්වන අතර බංග්ලාදේශ යොවුන් කණ්ඩායම 10 වැනිදා නැවත සිය රට බලා පිටත්ව යෑමට නියමිතය.
තරග කාල සටහන
■ පළමු සිවුදින තරගය - ඔක්තෝබර් 16 වැනිදා සිට 19 වැනිදා දක්වා - කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි සිවුදින තරගය - ඔක්තෝබර් 23 වැනිදා සිට 26 වැනිදා දක්වා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
■ පළමු එක්දින තරගය - ඔක්තෝබර් 30 වැනිදා - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ දෙවැනි එක්දින තරගය - නොවැම්බර් 1 වැනිදා - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ තෙවැනි එක්දින තරගය - නොවැම්බර් 3 වැනිදා - රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ සිවුවැනි එක්දින තරගය - නොවැම්බර් 6 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
■ පස්වැනි එක්දින තරගය - නොවැම්බර් 9 වැනිදා - කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
-036