Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බංග්ලාදේශ සංචාරය 29 දා ඇරඹෙයි

බංග්ලාදේශ සංචාරය 29 දා ඇරඹෙයි

editorial - 2024 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමට එරෙහිව දඹුල්ලේදී පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය නිමා වී හරියටම සතියකින් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටතව යනු ඇත. එය සම්පූර්ණ තරගාවලියකි. ඊට විස්සයි-20 තරග 3 ක්, එක්දින තරග 3 ක් සහ ටෙස්ට් තරග 2 ක් ඇතුළත් වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 29 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය. තරගාවලිය මාර්තු සහ අප්‍රේල් මාස දක්වා දිගහැරෙයි. 

මෙම තරගාවලියට අයත් ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරග දෙකකි. 2023-2025 ලෝක ටෙස්ට් ශූරතාවලියේ වත්මන් ප්‍රසාද ලකුණු පුවරුව අනුව බංග්ලාදේශය 4 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකා කණ්ඩායම 9 වැනි (අවසන්) ස්ථානයේත් සිටී. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට විස්සයි-20 තරග සඳහා සහභාගි වෙමින් සිටින බැවින්, බංග්ලාදේශ සංචාරයේදීත් පළමුවෙන්ම විස්සයි-20 තරගාවලිය පැවැත්වෙයි. 


තරග කාලසටහන 
මාර්තු 4 : 1 වැනි විස්සයි-20 තරගය ශිලාත් හිදී
මාර්තු 6 : 2 වැනි විස්සයි-20 තරගය ශිලාත් හිදී
මාර්තු 9 : 3 වැනි විස්සයි-20 තරගය ශිලාත් හිදී
මාර්තු 13 : 1 වැනි එක්දින තරගය චැටෝග්‍රෑම් හිදී
මාර්තු 15 : 2 වැනි එක්දින තරගය චැටෝග්‍රෑම් හිදී
මාර්තු 18 : 3 වැනි එක්දින තරගය චැටෝග්‍රෑම් හිදී
මාර්තු 22 - 26 : 1 වැනි ටෙස්ට් තරගය ශිලාත් හිදී
මාර්තු 30 - අප්‍රේල් 3 : 2 වැනි ටෙස්ට් තරගය චැටෝග්‍රෑම් හිදී


අදහස් (0)

බංග්ලාදේශ සංචාරය 29 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.