Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ්‍රලියාවට එරෙහිව සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 16 ක ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම, තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 303 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 286 ක් පමණි. මාර්ක් වුඞ්, ආදිල් රෂීඞ් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.
හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 66 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මාර්කස් ස්ටොයිනිස් (56) සහ ටිම් පේන් (නොදැවී 31) ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙනාවද, පන්දු 4 කදී ලකුණු 18 ක් රැස්කළ යුතුව තිබූ අවස්ථාවේදී මාර්කස් ස්ටොයිනිස් දැවී යෑම නිසා එම බලාපොරොත්තු සුනුවිසුණු වී ගියේය.
ඒරන් ෆින්ච් (62) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටීවන් ස්මිත් (45), ඉන් නොනැවතී මිචෙල් මාෂ් (55) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 83 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ජොස් බට්ලර් (නොදැවී 100) සමත් විය. පන්දු 83 කට මුහුණදුන් බට්ලර්, සිය 5 වැනි එක්දින ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේය. ක්‍රිස් වෝක්ස් (නොදැවී 53) සමග එක්ව හත්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 113 ක සම්බනධතාවක් ගොඩනැගීමටද බට්ලර් සමත් විය. පන්දු 36 කදී වාර්තා වූ වොක්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
ජොනී බෙයාස්ට්‍රෝ හතරේ පහර 2 ක් සමග ලකුණු 39 ක්ද, නායක ඔයින් මෝගන් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 41 ක්ද රැස්කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑම සඳහා දායකත්වය සැපයූහ.
එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 302
(ජේසන් රෝයි 19, ජොනී බෙයාස්ට්‍රෝ 39, ජෝ රූට් 27, ඔයින් මෝගන් 41, ජොස් බට්ලර් නොදැවී 100, ක්‍රිස් වෝක්ස් නොදැවී 53, ජොස් හෙසල්වුඞ් 58/2)
ඕස්ටේ්‍රලියාව - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 286
(ඒරන් ෆින්ච් 62, කැමරන් වයිට් 17, ස්ටීවන් ස්මිත් 45, මිචෙල් මාෂ් 55, මාර්කස් ස්ටොයිනිස් 56, ටිම් පේන් නොදැවී 31, මාර්ක් වුඞ් 46/2, ආදිල් රෂීඞ් 51/2, ක්‍රිස් වෝක්ස් 57/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.