Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති වශයෙන් පස්වැනි වතාවටත් තේරී පත්වූ ස්විස් ජාතික සෙප් බ්ලැටර් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
”මගේ තේරී පත්වීම සම්බන්ධයෙන් හැමදෙනාගේම එක`ගතාවක් නෑ වගේ” යයි පවසමින් බ්ලැටර් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත්කර තිබේ.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සිදුවී ඇතැයි පැවැසෙන අක‍්‍රමිකතා පිළිබඳව ඇමෙරිකාව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ සමගම බ්ලැටර් මහතා පිළිබඳව විමර්ශන ආරම්භ කිරීම හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉවත්වී තිබේ.
1988 වසරේ සිටම අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති තනතුර දරන 79 හැවිරිදි ජෝසප් බ්ලැටර් මහතා පසුගියදා නැවත වරක් එහි සභාපතිවරයා වශයෙන් තේරී පත්විය. එහෙත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට දින දෙකකට පෙර, දුෂණ චෝදනා හේතුවෙන්, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිලධාරීන් හත් දෙනකු අත්අඩංගුවට ගන්නා ලදි.
තමන් තනතුරෙන් ඉවත්වීමත් සමග සභාපති තනතුර හිස්වන හෙයින් ඉතා ඉක්මනින්ම නැවතත් නිලවරණයක් පැවැත්විය යුතු යයි බ්ලැටර් මහතා පවසා තිබේ.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ මීළඟ මහසමුළුව 2016 මැයි 13 වැනිදා මෙක්සිකෝ සිටි නගරයේදී පැවැත්වේ. එහෙත් සභාපතිවරයකු තෝරා ගැනීම සඳහා එතෙක් කලක් බලා සිටීම ප‍්‍රමාද වැඩි යයි බ්ලැටර් මහතා කියයි.
”ඒක අනවශ්‍ය ප‍්‍රමාදයක්. ඒ නිසා නොපමාවම විශේෂ සමුළුවක් කැඳවා සභාපතිවරයකු තෝරා ගන්නා ලෙස මා විධායක කමටුවෙන් ඉල්ලා සිටිනවා” යයි ද බ්ලැටර් මහතා පැවසීය.
මෙම විශේෂ සමුළුව, දෙසැම්බර් සහ 2016 මාර්තු අතර කාලසීමාවේදී පැවැත්වීමට නියමිත බව බී.බී.සී. පුවත්සේවය සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.