Last Update  :  2025-01-15 19:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රයිඩන් කාර්ස්ට මාස 3 ක් ක්‍රිකට් තහනම්

බ්‍රයිඩන් කාර්ස්ට මාස 3 ක් ක්‍රිකට් තහනම්

editorial - 2024 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔට්ටු දැමීම සම්බන්ධයෙන් පනවා ඇති නියෝග කඩකිරීම හේතුවෙන් එංගලන්ත වේග පන්දු යවන්නකු වන බ්‍රයිඩන් කාර්ස්ට මාස 3 ක පූර්ණ ක්‍රිකට් තහනමක් පනවා තිබේ. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තහනම පනවනු ලැබ ඇත. 

බ්‍රයිඩන්ට පනවා ඇති තහනම මාස 16 ක් වන අතර එයින් මාස 3 ක් ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති තහනම තවත් මාස 13 කට අත්හිටුවා තිබේ. 

28 හැවිරිදි වේග පන්දු යවන්නකු වන බ්‍රයිඩන් කාර්ස්, එංගලන්තයේ ඩරම් ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන, දකුණු අප්‍රිකානු සම්භවයක් ඇති ක්‍රීඩකයෙකි. පසුගිය ඔක්තෝබර් මාසයේදී එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය සමගින් ගිවිසුමකට එළඹි බ්‍රයිඩන් වසර 2017 සහ 2019 අතර කාලයේදී විවිධ ක්‍රිකට් තරග සඳහා ‘303 බෙට්ස්’ ආයතනය සමගින් ඔට්ටු අල්ලා ඇති බව පිළිගත්තේය. එය ඔහු ක්‍රීඩා කරමින් සිටි තරග සම්බන්ධයෙන් නොවේ. 

කෙසේ වෙතත් බ්‍රයිඩන්ගේ ක්‍රියා කලාපය, වෘත්තීමය ක්‍රීඩකයකු, පුහුණුකරුවකු හෝ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයකු විසින් අනුගමනය කළ යුතු විනය නීති මාලාවට පටහැණිය. වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් කිසිම ආකාරකින්, කිසිම අවස්ථාවකදී, ලෝකයේ කොතැනකදී හෝ ක්‍රිකට් තරග සඳහා ඔට්ටු නෙතැබිය යුතුය. 
මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බ්‍රයිඩන්ට තරග තහනමක් පනවා තිබේ. එබැවින් අගෝස්තු මස 28 වැනිදා දක්වා ඔහුට කිසිම ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය නොහැකිය. එහෙත් ඉදිරි වසර දෙකක කාලයේදී ඔහුගේ යහපැවැත්ම මත ඉදිරියේදී මුහුණ දිය හැකි තහංචි වලින් බ්‍රයිඩන්ට නිදහස් විය හැකිය. 

බ්‍රයිඩන් කාර්ස්, එංගලන්තය වෙනුවෙන් අන්තර්ජාතික තරග 17 ක් ක්‍රීඩා කර තිබේ. ඔහු අවසන් වරට එංගලන්තය නියෝජන කළේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහිදී පැවැති එක්දින තරගයකදීය. කෙසේ වෙතත් මම තහනම  හේතුවෙන් මෙවර එංගලන්ත ගිම්හානයේදී ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් ලබාගැනීමට තිබූ අවස්ථාව ඔහුට ගිළිහී යයි. 

- 213


අදහස් (0)

බ්‍රයිඩන් කාර්ස්ට මාස 3 ක් ක්‍රිකට් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.