Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ්‍රෝඞ් - බොපාරා එංගලන්තය දිනවති

බ්‍රෝඞ් - බොපාරා එංගලන්තය දිනවති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිට ඇන්ටිගුවාහි, සර් විවියන් රිචඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත පිල ඊයේ (2 වැනිදා) සමත්විය. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සම කිරීමට එංගලන්තය සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 160 ක පහසු ඉලක්කයක් හඹාගිය නමුත් එම ඉලක්කය පසුකර යාම සඳහා එංගලන්ත පිල  ඕවර 44.5 කට මුහුණ දෙමින් කඩුලූ 7 ක් අහිමි කරගත්තේය.

එංගලන්ත පිලේ කඩුලූ 7 ක් ලකුණු 105 ක් තුළ දැවී ගොස් තිබූ අවස්ථාවක නායක ස්ටුවර්ට් බ්‍රෝඞ් (නොදැවී 28) සහ රවී බොපාරා (නොදැවී 38) එක්ව පන්දු 79 කදී ලකුණු 58 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කර සිටි අතර  ඕවර 44.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී කොදෙව් පිලට රැස්කරගත හැකිවූයේ ලකුණු 159 ක් පමණි.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලෙන්ඞ්ල් සිමන්ස් පන්දු 98 කදී හයේ පහර 2 සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 70 ක් රැුස්කළේය. ලකුණු 32 කට කොදෙව් පිලේ කඩුලූ 3 ක් දවාගත් ස්ටීවන් පැරී තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

බටහිර ඉන්දීය කොදෙව් පිල -  ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී 159
(කිරන් පවල් 16, ලෙන්ඞ්ල් සිමන්ස් 70, ඞ්වේන් බ‍්‍රාවෝ 20, ස්ටීවන් පැරී 32/3, ජෝ රූට් 15/2, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් 39/2)

එංගලන්ත පිල -  ඕවර 44.5 කදී සියලූ දෙනා දැවී 163
(මයිකල් ලම්බ් 39, ජෝ රූට් 23, රවී බොපාරා 38, ස්ටුවට් බ්‍රෝඞ් 28, ඞ්වේන් බ‍්‍රවෝ 41/2, නිකිතා මිලර් 28/2)

036


අදහස් (0)

බ්‍රෝඞ් - බොපාරා එංගලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.