Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තෙවැනි වටයේදී බලාපොරොත්තු නොවූ පරාජයන්ට මුහුණදුන් ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි සහ ජපානයේ නයෝමි ඔසාකා මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත් වූහ. ඔවුන් දෙදෙනාම මෙවර ඇමරිකානු විවෘත ශූරතාවලියේ අවසන් වටය දක්වා යනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි ක්‍රීඩිකාවෝ වූහ.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන බාටි, අවසන් වරට පැවැති (2021) විම්බල්ඩන් ශූරතාවලියේ ජයග්‍රාහිකාව වූවාය. ලෝක ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ පසුවන ඔසාකා, ඉකුත් වසරේදී (2020) පැවැති ඇමරිකානු විවෘත ශූරතාවලියේ ජයග්‍රාහිකාව වූවාය.
කෙසේ වුවත් පිළිවෙලින් ලෝක ශ්‍රේණිගතකිරීම්හි 43 වැනි සහ 70 වැනි ස්ථානවල පසුවූ ඇමරිකානු ක්‍රීඩිකා ෂෙල්බි රොජර්ස් සහ කැනේඩියානු ක්‍රීඩිකා ලේලා ෆර්නෑන්ඩස් හමුවේ පරාජය වීම නිසා බාටිට සහ ඔසාකාට මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
තවමත් 18 වැනි වියේ පසුවන ලේලා ෆර්නෑන්ඩස් සහ ඔසාකා අතර පැවැති තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහි පළමු වටය ලකුණු 7/5 ක් ලෙස ජයගැනීමට ඔසාකා සමත් වූවාය. එහෙත් සම ලකුණු බිඳීමේ වටයකින් අනතුරුව ලකුණු 7/6 ක් ලෙස දෙවැනි වටය ජයගත් ෆර්නෑන්ඩස්, තෙවැනි වටයේදී ලකුණු 6/4 ක ජයක් ලබමින් වට 2-1ක් ලෙස ඔසාකා පරාජය කළාය.
විසිඅට හැවිරිදි ෂෙල්බි රොජර්ස්ට එරෙහිව පැවැති තරගයේ පළමු වටය ලකුණු 6/2 ක් ලෙස ජයගැනීමට බාටි සමත් වුවද, දෙවැනි වටයේදී ඇය රොජර්ස් හමුවේ ලකුණු 6/1 ක් ලෙස පරාජය වූවාය. සම ලකුණු බිඳීමේ වටයකින් අනතුරුව දෙදෙනාටම තීරණාත්මක වූ තෙවැනි වටය ලකුණු 7/6 ක් ලෙස ජයගත් රොජර්ස්, වට 2-1 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගත්තාය.
සිවුවැනි වටයේදී තවත් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරියක වන ජර්මනියේ ඇන්ජලික් කේබර්ට එරෙහිව ෆර්නෑන්ඩස් තරග වැදීමට නියමිත අතර නැගී එන ක්‍රීඩිකාවක් වන බ්‍රිතාන්‍යයේ එමා රඩුකානුට එරෙහිව රොජර්ස් තරග බිමට පිවිසීමට නියමිතය. එම තරග දෙකම හෙට (6 වැනිදා) පැවැත්වේ.
ඈෂ්ලි බාටි ...
නයෝමි ඔසාකා ...
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.