Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැංගලෝර් පිලට කඩුලු 10 ක පහසු ජයක්

බැංගලෝර් පිලට කඩුලු 10 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඉන්දෝර්හිදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 89 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම කිසිවකු නොදැවී ඕවර 8.1 ක් අවසානයේ එම ඉල්ක්කය පසුකර ගියේය. 9 වැනි ඕවරයේ පළමු පන්දුවට විරාට් කෝලි එල්ල කළ හතරේ පහරින් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු විය.

බැංගලෝර් කණ්ඩායමේ ආරාම්භක පිතිකරුවන් වූ නායක විරාට් කෝලි (නොදැවී 48) සහ පාර්තිව් පටේල් (නොදැවී 40) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 92 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ. පන්දු 28 කට මුහුණදුන් කෝලි සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සැරසූ අතර පන්දු 22 කදී වාර්තා වූ පටේල්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම ඕවර 15.1 අවසානයේ ලකුණු 88 කට සිමා කිරීමට උමේෂ් යාදව් ප්‍රමුඛ බංගලෝර් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උමේෂ් යාදව් ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගත්තේය.

පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඒරන් ෆින්ච් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක් රැස්කළේය. පන්දු 15 කදි හයේ පහර 3 ක් සමග ලකුණු 21 ක් රැස්කිරීමට ලෝකේෂ් රාහුල් සමත් වූ අතර ක්‍රිස් ගේල් පන්දු 14 කදී  ලකුණු 18 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගිනි.

කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 15.1 කදී සියලු දෙනා දැවී 88
(ලෝකේෂ් රාහුල් 21, ක්‍රිස් ගේල් 18, ඒරන් ෆින්ච් 26, උමේෂ් යාදව් 23/3)

රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් පිල - ඕවර 8.1 කදී කිසිවකු නොදැවී 92
(විරාට් කෝලි නොදැවී 48, පාර්තිව් පටේල් නොදැවී 40)

-036

 


අදහස් (0)

බැංගලෝර් පිලට කඩුලු 10 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.