Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැංගලෝර් පිලට කඩුලූ 9 ක ජයක්

බැංගලෝර් පිලට කඩුලූ 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල අතර අහ්මදාබාද්හිදී අද (24) පැවැති තරගයෙන් බැංගලෝර් පිල කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය.

විරාට් කෝලි (නොදවී 62) සහ ඒ. බී. ඩිවිලියස් (නොදැවී 47) දෙවැනි කඩුල්ලට 98 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ.

පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් පිලට  ඕවර 20 දී රැුස්කළ හැකි වූයේ ලකුණු 130 ක් පමණි.

ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවේගකාරි පිතිකරු ස්ටීව් ස්මිත් ලකුණු 31 ක් රැුස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. බැංගලෝර් පිලේ නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

මෙම තරගයේදී රාජස්ථාන් පිලේ විදේශ ක‍්‍රීඩකයන් ලෙස ෂේන් වොට්සන්, ස්ටීව් ස්මිත්, ජේම්ස් ෆෝක්නර් සහ ක‍්‍රිස් මොරිස් ක‍්‍රීඩා කළ අතර බැංගලෝර් පිලේ විදේශ ක‍්‍රීඩකයන් ලෙස ක‍්‍රිස් ගේල්, ඒ. බී. ඩිවිලියස්, මිචෙල් ස්ටාක් සහ ඬේවිඞ් වීස් ක‍්‍රීඩා කළහ.


රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 130
(අජින්‍යා රහනේ 18, ෂේන් වොට්සන් 26, කරුන් නසීර් 16, ස්ටීව් ස්මිත් 31, ස්ටුවට් බිනි 20, මිචෙල් ස්ටාක් 22/3, හර්ෂාල් පටෙල් 23/2, යුෂ්වෙන්දර් චහල් 25/2)

රෝයල් චැලෙන්චර්ස් බැංගලෝර් පිල ඕවර 16.1 කදී කඩුලූ 1 ට 134
(ක‍්‍රිස් ගේල් 20, විරාට් කෝලි නොදැවී 62, ඒ. බී. ඩිවිලියස් නොදැවී 47)

 


- 048


අදහස් (0)

බැංගලෝර් පිලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.