Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බැන්ක්‍රොෆ්ටත් තරමක සහනයක්

බැන්ක්‍රොෆ්ටත් තරමක සහනයක්

Nisanka Sandeepani - 2018 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දුව පළුදු කිරීමේ වරදට හසුවී ජාත්‍යන්තර තරග තහනමකට ලක්වී සිටින ඕස්ටේ්‍රලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට්ට ප්‍රාන්ත තරග සඳහා ක්‍රීඩා කිරීමට බටහිර ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ. මෙම අවසරය අනුව බටහිර ඕස්ටේ්‍රලියාවේ ‘විලේටන්’ ක්‍රීඩා සමාජය වෙනුවෙන් බැන්ක්‍රොෆ්ට් ක්‍රීඩා කරනු ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හි පැවති දෙවැනි ටෙස්ට් තරගය අතර වාරයේ ඕස්ටේ්‍රලියානු නායක ස්ටිව් ස්මිත්, උප නායක ඬේවිඞ් වෝනර් සහ ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූහ. ස්මිත්ට හා වෝනර්ට මාස 12 ක තරග තහනමක් පැනවූවද පසුව ඔවුන්ට අන්තර් සමාජ තරග සඳහා පමණක් ක්‍රීඩා කිරිමට ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය පසුගියදා අවසර දුන්නේය.

බැන්ක්‍රොෆ්ට්ට ක්‍රීඩා කිරිමට අවස්ථාව දෙනවාද නැද්ද යන්න පිළිබඳව ප්‍රධාන පෙළේ ක්‍රිකට් සමාජ 16 ක් අතර ඡන්ද විමසිමක් පැවැත්විණ. එහිදි ක්‍රිකට් සමාජ 16 න් 14 ක්ම බැන්ක්‍රොෆ්ට ක්‍රීඩා කිරිමට අවස්ථාව දෙන ලෙස ජන්දය ප්‍රකාශ කර තිබිණ.  ඒ අනුව බැන්ක්‍රොෆ්ට් ජුලි මාසයේදී ආරම්භ වන උතුරු පළාත් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ඇත.

“මෙම තරග වාරයේදී විල්ටන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට බටහිර ඕස්ටේ්‍රලියානු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය අවසර දීම සතුටට කරුණක්. අවසානයේ එය අනුමත කළා. මෙය බැන්ක්‍රොෆ්ට සතුටු දායක ආරංචියක් බවට පත් වේවි. මෙම තීරණය දුන් බටහිර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට මම ස්තූතිවන්ත වෙනවා” යැයි බටහිර ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරිනි ක්‍රිස්ටිනා මැතිව්ස් මහත්මිය ප්‍රකාශ කර සිටියාය.

තහනම පවතින කාලය තුළදී අන්තර්ජාතික තරග සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වූවත් ස්මිත්, වෝනර් සහ බැන්ක්‍රොෆ්ට් යන ක්‍රිඩකයන් තිදෙනාටම අන්තර් ක්‍රීඩා සමාජ තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබී තිබේ.

-024 


අදහස් (0)

බැන්ක්‍රොෆ්ටත් තරමක සහනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.