Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේදී ශූරතා 4 ක් දිනාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මහනුවර හිල්වුඩ් විදුහලේ බිමන්දි බණ්ඩාර සමත් වූහ.
වයස 17 න් පහළ බාලිකා කේවල අවසන් මහ තරගයේදී කෑගලු බාලිකා විදුහලේ නවින්දි සේනානානයක පරාජය කළ බිමන්දි, වයස 19 න් පහළ බාලිකා කේවල අවසන් මහ තරගයේදී කොළඹ කාන්තා විදුහලේ අයිලා චිට්ටි පරාජය කිරීමට සමත් වූවාය.
ඉන් නොනැවතුණ ඇය, අයිලා චිට්ටි සමග එක්ව වයස 19 න් පහළ බාලිකා යුගල ශූරතාවට සහ කොළඹ ආනන්ද විදුහලේ හිරුණ වරුසවිතාන සමග එක්ව වයස 19 න් පහළ මිශ්‍ර යුගල ශූරතාවටද හිමිකම් කියමින් මෙම තරගාවලියේදී ශූරතා 4 ක් දිනාගත් එකම ක්‍රීඩිකාව බවටද පත්වූවාය.
තරගාවලියේ වයස 19 න් පහළ බාලක කේවල ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ යසිරු මලීෂ සමත් විය. එහිදී ඔහු හමුවේ පරාජයට පත්වූ හිරුණ වරුසවිතාන, වයස 19 න් පහළ බාලක යුගල ශූරතාවට හිමිකම් කීවේ කොළඹ රාජකීය විදුහලේ තිසස් රංචාගොඩ සමග එක්ව තරග වදිමිනි.
කේවල තරග ප්‍රතිඵල (බාලක)
වයස 11 න් පහළ
ශූරතාව - කෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල)
අනු ශූරතාව - දර්ෂන බඹරනුග (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි.
වයස 13 න් පහළ
ශූරතාව - අකේන් බෝජිත් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
අනු ශූරතාව - මතිල් සස්දිනු (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
වයස 15 න් පහළ
ශූරතාව - දිරාන් හනේර් (කොළඹ රජකීය විදුහල)
අනු ශූරතාව - හරීන් නිම්දිනු (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
වයස 17 න් පහළ
ශූරතාව - තිසුම් ගමගේ (කොළඹ ආනන්ද විදුහල)
අනු ශූරතාව - හරීන් නිම්දිනු (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
වයස 19 න් පහළ
ශූරතාව - යසිරු මලීෂ (මහනුවර විද්‍යාර්ථ විදුහල)
අනු ශූරතාව - හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල)
කේවල තරග ප්‍රතිඵල (බාලිකා)
වයස 11 න් පහළ
ශූරතාව - මුතුලි සහන්‍යා (ගාල්ල සදර්ලනඩ් විදුහල)
අනු ශූරතාව - එස්. හුලංගමුව (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි.
වයස 13 න් පහළ
ශූරතාව - නිකෙල්‍යා ප්‍රනාන්දු (කොළඹ මියුසිසය් විදුහල)
අනු ශූරතාව - යෝෂිනි ජයවර්ධන (මහනුවර මහාමායා විදුහල)
වයස 15 න් පහළ
ශූරතාව - ලෙසන්‍යා සෙතුම්දි (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)
අනු ශූරතාව - තමාදි කාවින්ද්‍යා (අම්බලන්ගොඩ දේවානන්ද විදුහල)
වයස 17 න් පහළ
ශූරතාව - බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල)
අනු ශූරතාව - නවින්දි සේනානානයක (කෑගලු බාලිකා විදුහල)
වයස 19 න් පහළ
ශූරතාව - බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල)
අනු ශූරතාව - අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල)
යුගල තරග ප්‍රතිඵල
වයස 19 න් පහළ (බාලක)
ශූරතාව - හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) සහ තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල)
අනු ශූරතාව - අකේන් සුරංග (කොළඹ ජාත්‍යන්තර පාසල) සහ සෙහස් වීරසිංහ (කොළඹ නාලන්දා විදුහල)
වයස 19 න් පහළ (බාලිකා)
ශූරතාව - බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල) සහ අයිලා චිට්ටි (කොළඹ කාන්තා විදුහල)
අනු ශූරතාව - ෂෙනාලි මෙන්ඩිස් (කොළඹ මියුසියස් විදුහල) සහ හේෂි නිර්මි (අම්බලන්ගොඩ ප්‍රජාපති බාලිකා විදුහල)
වයස 19 න් පහළ (මිශ්‍ර)
ශූරතාව - ශයිෆුල්ලා අක්‍රම් (හිල් කන්ටි්‍ර ජාත්‍යන්තර පාසල) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඩ් විදුහල)
අනු ශූරතාව - හිරුණ වරුසවිතාන (කොළඹ ආනන්ද විදුහල) සහ නදිති රෙහන්සා (කොළඹ විශාකා විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.