Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිට පිටම දෙවැනි වරටත් රෙඞ්බුල් විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කළමනාකරණ පාසල (බී.එම්.එස්. කණ්ඩායම) සමත් විය.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ්‍රලියාවේ සිඞ්නි විශ්ව විද්‍යාලයට එරෙහිව ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කරමින් බී.එම්.එස්. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග්‍රහණය සදහා ලකුණු 164 ක ඉලක්කයක් හඹාගිය සිඞ්නි විශ්ව විද්‍යාලය ඕවර 20 අවසානයේ ලකුණු 160 කට සීමාකිරීමට බී.එම්.එස්. කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිනෝන් ලියනාරච්චි ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ආරම්භක පිතිකරු හේඞ්න් කේර් පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග වේගවත් ලකුණු 54 ක් රැස්කරමින් සාර්ථක ආරම්භයක් ලබාදුන්නද, එය සිඞ්නි විශ්ව විද්‍යාලයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.
ලකුණු 105 කට කඩුලු 5 ක් බිඳවැටී තිබූ අවස්ථාවේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 24 කදී ලකුණු 47 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමට ජෝෂප් කර්ෂෝ (නොදැවී 34) සහ විල් ලෝරන්ස් (20) සමත් වුවද, චාමික කරුණාරත්න යැවූ අවසන් ඕවරයේ දෙවැනි පන්දුවේදී විල් ලෝරන්ස් දුවද්දී දැවීයාමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ.
පළමුවෙන් පන්දුවට පහරදුන් බී.එම්.එස්. කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 14 ක් තුළ දවාගැනීමට සිඞ්නි විශ්ව විද්‍යාල කණ්ඩායමේ පන්දුයවන්නෝ සමත් වූහ. එහෙත් එතැන් සිට කෙමෙන් කෙමෙන් බී.එම්.එස්. ඉනිම ගොඩනැගූ සුපේෂල ජයතිකල ලකුණු 50 ක්ද, චාමික කරුණාරත්න ලකුණු 33 ක්ද රැස්කළහ. පන්දු 41 කදී වාර්තා වූ ජයතිකලගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 29 කදී වාර්තා වූ කරුණාරත්නගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
බී.එම්.එස්. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ තිලක්ෂ සුමනසිරි පන්දු 22 කදී නොදැවී ලකුණු 40 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක්ද සමගිනි.
ජෝෂප් කර්ෂෝ, හේඞ්න් කේර් සහ කිරන් එලී කඩුලු 2 බැගින් දවාගනිමින් සිඞ්නි විශ්ව විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශයේ ලිබරල් ආට්ස් විශ්ව විද්‍යාලයට (යූ.එල්.ඒ.බී.) එරෙහිව කඩුලු 7 ක ජයක් ලබාගනිමින් දකුණු අප්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ඒ අනුව හෙට (16) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී දකුණු අප්‍රිකාවේ වයඹ විශ්ව විද්‍යාලයට එරෙහිව ශ්‍රී ලංකාවේ බී.එම්.එස්. කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.
ව්‍යාපාර කළමනාකරණ පාසල (ශ්‍රී ලංකාව) - ඕවර 20 කදී කඩුලු 6 කට 163
(සුපේෂල ජයතිකල 50, චාමික කරුණාරත්න 33, තිලක්ෂ සුමනසිරි නොදැවී 40, හේඞ්න් කේර් 19/2, ජෝෂප් කර්ෂෝ 22/2, කිරන් එලී 29/2)
සිඞ්නි විශ්ව විද්‍යාලය (ඕස්ට්‍රේලියාව) - ඕවර 20 කදී කඩුලු 6 කට 160
(හේඞ්න් කේර් 54, හැරී හන්ට් 18, ජොෂප් කර්ෂෝ නොදැවී 34, විල් ලෝරන්ස් 20, මිනෝන් ලියනාරච්චි 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.