Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 64 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය ආරම්භ වන විට පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට බුවනෙක ගුණතිලකද, කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට තිළිණි හෙන්ඳහේවාද සමත්ව සිටියහ. ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ තරග ඊයේ (25 වැනිදා) ආරම්භවීමට නියමිතය තිබුණද එම තරග අද ආරම්භ විය.
නුවර එළියේ වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලිය සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලිය ජයගනිමින්ද, ඉකුත් වසරේ පැවැති 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්ද ලකුණු 80 ක් ලබාගත් බුවනෙක ගුණතිලක පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම් අතරේ පෙරමුණ ගත්තේය.
ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන දිනූක කරුණාරත්න එස්. එස්. සී. බැඞ්මින්ටන් තරගාවලිය ජයගනිමින් සහ 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අනුශූරතාව හිමිකරගනිමින් ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 60 කි.
සචින් ඩයස් එහි තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ නුවර එළිය වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලියේ සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලියේ අනුශූරතා දිනාගනිමින්ද, 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්ද ලකුණු 60 ක් ලබාගනිමිනි. ජාතික ශූරතාව 16 වරක් ජයගෙන සිටින නිලූක කරුණාරත්න ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන අතර තමා සහභාගි වූ එකම තරගාවලිය වූ 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය ජයගනිමින් ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40 කි.
63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය සහ ආරියදාස බැඞ්මින්ටන් තරගාවලිය ජයගනිමින්ද, නුවර එළිය වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලියේ සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලියේ අනුශූරතා දිනාගනිමින්ද ලකුණු 110 ක් ලබාගත් තිළිණි හෙන්ඳහේවා කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන තිබිණ.
කාවින්දි ඉෂාදිකා එම ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයේ පසුවන අතර නුවරඑළිය වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලිය සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලිය ජයගනිමින්ද, 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අනු ශූරතාව හිමිකරගනිමින් සහ ආරියදාස බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්ද ඇය ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100 කි.
ජාතික ශූරතාව 11 වරක් ජයගෙන සිටින චන්ද්‍රිකා ද සිල්වා කාන්තා ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ නුවරඑළිය වසන්ත සමය බැඞ්මින්ටන් තරගාවලියේ, ආරියදාස බැඞ්මින්ටන් තරගාවලියේ සහ උතුරුමැද පළාත් බැඞ්මින්ටන් තරගාවලියේ අවසන් පූර්ව වට වලට සුදුසුකම් ලබමින්ද, 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්ද ලකුණු 60 ක් ලබාගනිමිනි.
ඉකුත් 22 වැනිදා ආරම්භ වූ මෙම තරගාවලිය මේ මස 29 වැනිදා දක්වා කුරුණෑගල නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ බෝයගනේ විජයබාහු යුද හමුදා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පිරිමි කේවල ශ්‍රේණිගත කිරීම් | |
බුවනෙක ගුණතිලක | 80 |
දිනූක කරුණාරත්න | 60 |
සචින් ඩයස් | 60 |
රන්තුෂ්ක සසිඳු | 50 |
හසිත චානක | 45 |
නිලූක කරුණාරත්න | 40 |
ආර්. එස්. දහනායක | 35 |
චාමික කරුණාරත්න | 30 |
විබවි මධූෂ | 30 |
තිසර නිම්මික | 23 |
කාන්තා කේවල ශ්‍රේණිගත කිරීම් | |
තිළිණි හෙන්දහේවා | 110 |
කාවින්දි ඉෂාදිකා | 100 |
චන්ද්‍රිකා ද සිල්වා | 60 |
අචිනි රත්නසිරි | 40 |
උපුලි වීරසිංහ | 35 |
ලේඛා ශෙහානි | 30 |
නදීෂා ගයන්ති | 25 |
හසිනි අම්බලන්ගොඩගේ | 20 |
කවිෂ්කා ගුණරත්න | 20 |
බුත්මි ගලගමගේ | 20 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.