Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිතිකරු ලැයිස්තුවේ උසස්විමක් ලැබූ ජොනී බෙයාස්ටෝගේ මංගල ශතකය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනිමට එංගලන්තය ඊයේ (19 වැනිදා) සමත්විය.
එංගලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමගින් බටහිර ඉන්දීය කොදෙව් පිලට 2019 දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා කෙළින්ම සුදුසුකම් ලබාගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය.
ජයග්‍රහණය සදහා ඕවර 42 කදී ලකුණු 205 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තය ඕවර 30.5 කදි කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය. එංගලන්ත ලකුණු පුවරුව 31 ක් වනවිටදී ඇලෙක්ස් හේල්ස් පළමු කඩුල්ල ලෙස දැවීයාමෙන් අනතුරුව දෙවැනි කඩුල්ල සදහා එක්වූ ජොනී බෙයාස්ටෝ සහ ජෝ රූට් පන්දු 116 කදී ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
සිය මංගල එක්දින ශතකය පන්දු 97 කදි වාර්තා කළ බෙයාස්ටෝගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත්වූ අතර 23 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ රූට් පන්දු 53 කදී හතරේ පහර හතරක් සමගින් ලකුණු 54 ක් රැස් කළේය.
කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඉන් පසු ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් තරගය පැය දෙකකට පමණ ආසන්න කාළයක් පමාවිය. තරගය යළිත් ආරම්භ කළද තරගයේ යැවිය යුතු ඕවර සංඛ්‍යාව 42 කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළහ.
බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 42 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 204 ක් පමණි. ක්‍රිස් ගේල් වේගවත් ආරම්භයක් ලබාගත්තද ලකුණු 37 ක් ලබාසිටියදී ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවකට ජෝ රූට් අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවීයාමත් සමගින් කොදෙව් පිලේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාලවිය.
නායක ජේසන් හෝල්ඩර් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් කොදෙව් පිලේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය. පන්දු 33 කට මුහුණදුන් හෝල්ඩර්ගේ ඉනිමට හතරේ පහර පහක් ඇතුළත් විය.
බෙන් ස්ටෝක්ස් ලකුණු 43 කට කඩුලු 3 ක් දවාගත් අතර අදිල් රෂීඞ් සහ ක්‍රිස් වෝක්ස් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 42 කදී කඩුලු 9 ක් දැවී 204
(ක්‍රිස් ගේල් 37, ශායි හෝප් 35, රෝමන් පවෙල් 23, ජේසන් හෝල්ඩර් නොදැවී 41, බෙන් ස්ටෝක්ස් 43/3, අදිල් රෂීඞ් 31/2, ක්‍රිස් වෝක්ස් 41/2)
එංගලන්තය - ඕවර 30.5 කදී කඩුලු 3 ක් දැවී 210
(ජොනී බෙයාස්ටෝ නොදැවී 100, ජෝ රූට් 54, බෙන් ස්ටෝක්ස් නොදැවී 23, කෙස්රික් විලියම්ස් 50/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.