Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනය සංවිධානය කරන ජාතික බේස්බෝල් තරගාවලියේ අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරගය හෙට (7 වැනිදා) සහ අනිද්දා (8 වැනිදා) දියගම ශ්‍රී ලංකා-ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම මේ වන විටත් අපරාජිතවම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටියි.
ආදි ආනන්දීය කණ්ඩායම සහ ආදි රාජකීය කණ්ඩායම අතර හෙට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී ජය ලබන කණ්ඩායම දෙවැනි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එහිදී ඔවුන්ට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවනු ඇත.
දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ජයගන්නා කණ්ඩායම අනිද්දා පැවැත්වෙන අවසන් මහ තරගයේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලබාගනු ඇත. අවසන් මහ තරගයට පෙර නාවික හමුදාව සහ යුද හමුදාව අතර කාන්තා තරගයක් පැවැත්වීමටද සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.
යුද හමුදාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දම්පත් ප්‍රනාන්දු සහ ලෝක බේස්බෝල් සම්මේලනයේ නියෝජිත හිරොකෝ යමඩා යන මහත්වරු ප්‍රධාන ආරාධිතයන් ලෙස තරගාවලියට සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.