Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බොක්සිං ජාතික ශූරතාවලිය ඇරඹෙයි

බොක්සිං ජාතික ශූරතාවලිය ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 90 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය අද (16 වැනිදා) සිට 20 වැනිදා දක්වා කොළඹ කී‍්‍රඩා අමාත්‍යංශ ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

වයස අවුරුදු 18 ත් 40 ත් අතර පසුවන ආධුනික, අතරමැදි, ස්ටබ්ස් පළිහ සහ ජාතික කනිෂ්ට බොක්සිං තරගාවලි වලදී ජයග‍්‍රහණ ලැබූ තරගකරුවන්ට පමණක් මෙම තරගාවලියට සහභාගිවිය හැකිය.

මෙවර තරගාවලිය සඳහා මාස් සමූහ ව්‍යාපරය නියෝජනය කරන ස්ලිම්ලයින්, මාස් සදර්න්, යුනිචෙලා, සිලූවේටා සහ ලීනියා යන කී‍්‍රඩා සමාජද, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසියද, මහනුවර විද්‍යාර්ථ, රත්නපුර සීවලී සහ කොළඹ රාජකීය යන පාසල්ද, හොරණ විද්‍යාරතන පිරිවෙනද නියෝජනය කරමින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සහභාගි වෙති.

ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ තිවංක රණසිංහ (කිලෝ ග‍්‍රෑම් 49), ගයාන් සංජීව (කිලෝ ග‍්‍රෑම් 60), දිනිදු සපරමාදු (කිලෝ ග‍්‍රෑම් 64), යුද හමුදාවේ සංජීව බණ්ඩාර (කිලෝ ග‍්‍රෑම් 52), තිළිණ වීරක්කොඩි (කිලෝ ග‍්‍රෑම් 56), එම්. දිවාරත්න (කිලෝ ග‍්‍රෑම් 75) සහ නාවික හමුදාවේ සිසිර කුමාරසිංහ යන කී‍්‍රඩකයන් වෙත මෙවර තරගාවලියේදී වැඩි අවධානයක් යෙමුවී තිබේ.

ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ අනූෂා කොඩිතුවක්කු (කිලෝ ග‍්‍රෑම් 51), විදූෂා ප‍්‍රබෝධි (කිලෝ ග‍්‍රෑම් 60) සහ නිලන්ති අන්දරවීර (කිලෝ ග‍්‍රෑම් 75) යන කී‍්‍රඩිකාවෝද මෙවර තරගාවලියේදී සෙසු තරගකාරීයන්ට වඩා ඉදිරියෙන් සිටිති.

පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම බර පංති 10 ක් යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමේ. ඊට අමතරව දක්ෂතම කී‍්‍රඩකයා, දක්ෂතම පරාජිතයා, දක්ෂතම කී‍්‍රඩිකාව සහ දක්ෂතම පරාජිත කී‍්‍රඩිකාව සඳහාද කුසලාන පිරිනැමේ.

 


අදහස් (0)

බොක්සිං ජාතික ශූරතාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.