Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රෙන්ට් බෝල්ට්ගේ (21/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ හැමිල්ටන්හිදී පැවැති සිවුවැනි දිවා/රාත්‍රී එක්දින තරගයේදී සංචාරක ඉන්දීය කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කිරීමට නවසීලන්තය අද (31 වැනිදා) සමත්විය. මේ වනවිට එක්දින තරගාවලිය ජයගෙන ඇති ඉන්දීයානුවන් 4-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවන්නේය.
කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළ අතර ඕවර 30.5 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 92 ක් පමණි. ඉන්දීය කණ්ඩායමක් නවසීලන්තය හමුවේ දෙවැනියට අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය අවස්ථාව ලෙස අද තරගය වාර්තා පොත් අතරට එක්වීය.
ඉන්දියාව ලකුණු 23 ක් රැස්කර සිටියදී ආරම්භක පිතිකරුවන්වූ රෝහිත් ශර්මා සහ ශීකර් ධවාන් පිටියෙන් ඉවත් කිරීමට ටේරන්ට් බෝල්ට් සමත්විය.
තවත් ලකුණු 10 ක් ඉන්දීය කණ්ඩායමට එක්වන විටදී අනෙක් අන්තයෙන් පන්දුවට අතට ගත් කොලින් ඩී ග්‍රැන්ඩූම්, ටේරන්ට් බෝල්ට් සමගින් එක්ව තවත් කඩුලු 3 ක් දවාගනිමින් පිතිකරුවෝ මෙල්ල කිරීමට සමත්විය.
ලකුණු 55 කට කඩුලු 8 ක් දැවී තිබියදී නවවැනි කඩුල්ල සඳහා එක්වූ කුල්දීප් යාදව් (15) සහ යුස්වේන්ද්‍ර චහල් (නොදැවී 18) ලකුණු 25 ක සම්බන්ධතාවයක් පවත්වමින් නවසීලන්තය හමුවේ අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යාමට තිබූ අවස්ථාවෙන් ඉන්දියාව ගලවා ගැනීමට සමත්විය. මින් පෙර නවසීලන්තය හමුවේ ඉන්දියාව දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 88 කි.
ට්‍රෙන්ට් බෝල්ට් සිය ඕවර 10 නිලකුණු ඕවර 4 ක් සමගින් ලකුණු 21 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගත් අතර කොලින් ඩී ග්‍රැන්ඩූම් ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 93 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්තය ඕවර 14.4 කදී කඩුලු 2 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
හෙන්රි නිකොල්ස් නොදැවී ලකුණු 30 ක් සහ රොස් ටේලර් නොදැවී ලකුණු 37 ක් රැස්කරමින් නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.
ඉන්දියාව - ඕවර 30.5 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(ට්‍රෙන්ට් බෝල්ට් 21/5, කොලින් ඩී ග්‍රැන්ඩූම් 26/3)
නවසීලන්තය - ඕවර 14.4 කදී කඩුලු 2 ක් දැවී 93
(හෙන්රි නිකොල්ස් නොදැවී 30, රොස් ටේලර් නොදැවී 37, බුවනේෂ්වර් කුමාර් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.