Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බෝල්ට් කී‍්‍රඩාවත් කීර්තිනාමයත් රැකගනී

බෝල්ට් කී‍්‍රඩාවත් කීර්තිනාමයත් රැකගනී

Dilrukshi - 2015 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේදී කාගෙත් වැඩි අවධානයට ලක්වූ මීටර් 100 තරගයෙන් අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් පැරදවූ සුපිරි කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සිය පෞද්ගලික කීර්තිනාමයත් කී‍්‍රඩාවේ ජීවගුණයත් නූලෙන් බේරාගත්තේය.

විචාරකයන්ගේ අදහසට අනුව කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන බෝල්ට් සහ කරට කර තරගයක් දුන් ජස්ටින් ගැට්ලින් අතර ද්වන්ධ සටනකි.

එහි ජයග‍්‍රාහකයා බෝල්ට් වනු ඇතැයි කාගෙත් ප‍්‍රාර්ථනය වූවත් තරගය ආරම්භයේ සිට බෝල්ට් සමග එක හා සමානව දිව ගිය ගැට්ලින් පරාජයට පත්වූයේ අවසන් මීටර් 5 දී වීම විශේෂත්වයකි.

ආන්දෝලනාත්මක චරිතයක් හිමි ගැට්ලින්ට පරාජය උරුම කරදුන් බෝල්ට් ඊයේ පෙන්වූයේ ඔහුගේ හොඳම දස්කම බැව් විචාරකයෝ කියති. ඔහු ඊයේ තරගය නිමා කළේ තත්පර 9.79 කිනි. එය ඔහුගේ ලෝක වාර්තාවට දෙවැනි වූයේ තත්ත්පර 0.21 කිනි. වසර 2009 දී බෝල්ට් සිය මීටර් 100 ලෝක වාර්තාව තැබුවේ තත්පර 9.58 කිනි.

කිසිදිනෙක තහනම් උත්තේජක භාවිතා කිරිමේ වරදට හසුවී නැති බෝල්ට්, ඊයේ සිය ජයග‍්‍රහණය සැමරුවේ ලෝක වාර්තාව පිහිටුවීමෙන් ලැබූ සතුටටත් වඩා සතුටකිනි.

ගැට්ලින් සිය ප‍්‍රබලතම ප‍්‍රතිවාදියා පරාජය කිරීමේ අරමුණින් බීජිං නුවරට පැමිණියේ මේ වසරේ වඩාත්ම සාර්ථක කෙටි දුර ධාවන ශූරයා ලෙසිනි. ඔහු මෙවර ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේ මීටර් 100 අවසන් පූර්ව තරගය තත්පර 9.77 කින් නිමාකරද්දී බෝල්ට් සිය අවසන් පූර්ව තරගයේ වාර්තා කළ කාලය තත්පර 9.96 ක් විය.

සිය වේගය පිළිබඳ එසේ බෝල්ට් වෙත අනතුරු ඇ`ගවීමක් නිකුත් කළ ගැට්ලින්ට අවසන් මහා තරගයේ ජයග‍්‍රහණය ම`ග හැරුණේ කෙස් ගහෙනි. එහි දී ඔහු වාර්තා කළ කාලය තත්පර 9.80 කි.  

තරගයේ මුල් මීටර 50 දී දෙදෙනාම කරට කර සිටියහ. ඊළ`ග මීටර් 30 පසුකළේ ක`ගවේනන් දෙදෙනකු පරිද්දෙනි. එහෙත් අවසන් මීටර් 20 දී බෝල්ට්ගේ විස්මිත වේගය ජයගත්තේය.

මේ වසර පුරාම සිය සුපුරුදු රිද්මය සොයා ගත නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටි බෝල්ට්ගේ හොඳම කාලය ලෙස වාර්තා වී තිබුණේ ජූලි මස ලන්ඩනයේ පැවැති සංවත්සරික තරගාවලියේ දීය. එම කාලය තත්පර 9.87 ක් විය.

”ඒකේ තේරුම මම මේ අවුරුද්දේ සෑහෙන්න අසිරුතාවට පත්වෙලා හිටියා කියන එකයි. දැන් නම් ඒක හරි ගියා වගෙයි”

තරගයේ ජයග‍්‍රහණයෙන් පසුව බෝල්ට් එසේ කීවේය. මේ අතර තරගයෙන් දෙවැනි තැනට පත් ගැට්ලින් කියා සිටියේ අවසන් මීටර් 5 දී ඔහු තරමක් පැකිලූණු බවකි. එහෙත් මීටර් 400 හිටපු ලෝක ශූර මයිකල් ජොන්සන් කියන්නේ එය තනිකරම බෝල්ට් නිසා ඇතිකරගත් අනියත බියක් මත සිදුවූවාක් කියාය.

මේ ජයග‍්‍රහණයත් සමග ලෝක කෙටිදුර ධාවන පථයේ සිය කිරුළ රැුක ගැනීමට බෝල්ට් සමත්විය. මේ අතර කැනඩාවේ  කෙටි දුර ධාවන ශූර ඇන්ඩි‍්‍ර ඩි ග‍්‍රාසේ මීටර 100 ඉස්ව්වේ ලෝකඩ පදක්කමට  හිමිකම් කීමට සමත්විය. මෙය ඔහුගේ පළමු ලෝක ශූරතා තරගාවලිය වීම කැපී පෙනේ.

- 077

 


අදහස් (0)

බෝල්ට් කී‍්‍රඩාවත් කීර්තිනාමයත් රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.