Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බ‍්‍රැඞ්බි සැණකෙළිය මැයි 10 දා

බ‍්‍රැඞ්බි සැණකෙළිය මැයි 10 දා

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


පොන්ටේරා සමාගමේ අළෙවි අධ්‍යක්‍ෂ රොෂාන් ද සිල්වා, රීබෝන් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ශාකීර් හෆීෂ්, එච්.එස්.බී.සී. බැංකුවේ ප‍්‍රචාරණය සහ සම්පත් බෙදාහැරීමේ ප‍්‍රධානී  නිලන්ත බැස්ටියන්, රාජකීය විදුහලේ විදුහල්පති උපාලි ගුණසේකර, රාජකීය විදුහල් සංගමයේ ලේකම් චන්දන අලූත්ගම සහ බ‍්‍රැඞ්බි සැණකෙළියේ සංවිධාන කමිටු සභාපති රිසාන් නසීර් යන මහත්වරුන් අනුග‍්‍රහය පිරිනමා සමූහ ඡුායාරූපයකට පෙනී සිටි අවස්ථාව.

ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් රග්බි තරගයක් වන කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 70 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයට සමගාමීව පළමු වරට සංවිධානය කරන ‘බ‍්‍රැඞ්බි සැණකෙළිය’ මැයි මස 10 වැනිදා කොළඹ 07 බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේ සහ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර 70 වැනි ‘බ‍්‍රැඞ්බි පළිහ’ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියර මැයි මස 10 වැනිදා පස්වරුවේ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ. එදින පෙරවරු 10.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා ‘බ‍්‍රැඞ්බි සැණකෙළිය’ පැවැත්වේ.

මෙහිදී බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේ සැණකෙළියට සහභාගි වන පිරිසට පුළුල් රූපවාහිනී තිරයක් ඔස්සේ තරගය සජීව නැරඹීමේ අවස්ථාව ද හිමිවේ. එහිදී විදුහල් දෙකේ රග්බි පේ‍්‍රක්‍ෂයන්ට විනෝදය සඳහා සංගීත කණ්ඩායම්, විනෝද ක‍්‍රීඩා, කුඩා දරුවන්ගේ විනෝද ක‍්‍රීඩා ආදී විනෝදාංග රැසක් ඇතුළත් කෙරේ.

ත‍්‍රිත්ව විදුහල් පේ‍්‍රක්‍ෂකයන් මහනුවර සිට විශේෂ දුම්රියකින් මරදාන දක්වා පැමිණීමට නියමිත අතර සැණකෙළියේ සිට මරදාන දක්වා විශේෂ බස් සේවයක් ක‍්‍රියාත්මක කිරීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ. ‘බ‍්‍රැඞ්බි සැණකෙළියේ’ සංවිධාන කමිටු සභාපති රිසාන් නසීර් මහතා පැවසුවේ පාසල් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම රග්බි තරගයේදී ක‍්‍රීඩාවේ ගුණත්වය රැක ගැනීම මූලික අරමුණ බවයි.

රාජකීය විදුහල් සංගමයේ ලේකම් චන්දන අලූත්ගම මහතා පැවසුවේ ‘බ‍්‍රැඞ්බි පළිහ’ රග්බි සංස්කෘතියට නව කොටසක් එකතු කරමින් පාසල් දෙකේ පේ‍්‍රක්‍ෂකයන්ට නව අත්දැකීමක් ලබාදීම මෙම සැණකෙළියේ ප‍්‍රධානතම අරමුණ බවයි.

රාජකීය විදුහල් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස එච්.එස්.බී.සී. බැංකුව කටයුතු කරන අතර රීබෝන් සහ ෆොන්ටේරා යන ආයතන සෙසු අනුග‍්‍රහකයන් වේ. විද්්‍යුත් මාධ්‍ය අනුග‍්‍රහකයා ලෙස එම්.බී.සී./එම්.ටී.වී. මාධ්‍ය ජාලය ද, මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහක ලෙස විජය පුවත්පත් සාමාගම ද, කටයුතු කරයි.


(ඡයාරූපය: ඉසුරු පෙරේරා)   

 


අදහස් (0)

බ‍්‍රැඞ්බි සැණකෙළිය මැයි 10 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.