Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story බිලියඩ් ශූරතාව රිම්සාන්ට

බිලියඩ් ශූරතාව රිම්සාන්ට

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය 65 වැනි වරටත් සංවිධානය කරන 2018 බිලියඞ් ශූරතා අවසන් මහ තරගයේ ශූරතාවය දිනා ගැනීමට තරුණ ක්‍රිස්තියානි සංගමය නියෝජනය කරන එච්.ඒ.එම් රිම්සාන් සමත් විය.

මෙම තරගය අද (05) කොළඹ මුවර්ස් ක්‍රීඩා සමාජ බිලියඞ් ශාලාවේදී පැවැත්විණි.

පසුගිය වසරේ (2017) අනුශුරයා වු එස්.එච්.එම් අස්ලාම් නැවතත් මේ වසරේදීද බිලියට් අනුශූරයා කරවීමට නවක බිලියඞ් ක්‍රීඩක රිම්සාන්ට හැකි විය.  

මෙම තරගයේ තෙවන ස්ථානය ගාල්ල කණ්ඩායම නියෝජනය කළ එම්.එම්. ජෙෆ්රිට හිමිවිය.

රිම්සාන් තමන් ලැබු ජයග්‍රහණය පිළිබදව මෙසේ අදහස් දැක්වීය.
 “ඇත්තටම මට සතුටුයි ජයග්‍රහණය කිරීම පිළිබඳව. බිලියඞ් වලට වඩා ස්නූකර් වලටයි මගේ කැමැත්ත තියෙන්නේ... අස්ලාම් වැනි ප්‍රබල ක්‍රීඩකයෙක් එක්ක අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට ලැබීම මට ලැබුණු වාසනාවක්.”   

අස්ලාම් ලැබු අනුශූරතාව පිළිබඳවද සිය අදහස් දැක්විය.               
“අවුරුදු 09ක් මම බිලියට් අනුශූරයා බවට පත් වුණා. ඒ වගෙම ස්නූකර් වසර 07ක්ම අනූශූරතාව ලබා ගත්තා. මම පෙර පුහුණූවීම් වල යෙදෙන්නේ නෑ. මම කුලී රථ රියදුරෙකු වශයෙන් රැකියාව කරන නිසා වෙලාවක් නෑ පුහුණු වීම් වල යෙදෙන්න.”

ශූරතාව දිනාගත් 26 හැවිරිදි රිම්සාන් මෙම තරගාවලියේ ලාබාලතම බිලියඞ් ක්‍රීඩකයා වීමද කාගේත් කතබහට ලක්විය.

 

අවසන් මහ තරගයේ ප්‍රතිඵල
එච්.ඒ.එම් රිම්සාන් (තරුණ ක්‍රිස්තියානි සංගමය) විසින් එස්.එච්.එම් අස්ලාම් (මුවර්ස් ක්‍රීඩා සමාජය) පරාජය කරන ලදී. - (899/585)  

 

- 092

ඡායාරූප - ගයාන් අමරසේකර 


අදහස් (0)

බිලියඩ් ශූරතාව රිම්සාන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.