Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මංගල තරගයට ක්‍රීඩාකරන බිලාල් අසීෆ් (36/6) සහ මොහොමඞ් අබ්බාස්ගේ (29/4) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩුබායිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (09 වැනිදා) ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 202 කට සීමාකිරීමට පාකිස්තානය සමත්විය.
ආම්භක පිතිකරුවන්වූ උස්මාන් සහ ඒරන් ෆින්ච් අර්ධ ශතක ලබාගනිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 142 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනැගුවද බිලාල් අසීෆ් සහ මොහොමඞ් අබ්බාස්ගේ පන්දු යැවීම හමුවේ සෙසු පිතිකරුවෝ අසාර්ථක වුහ.
උස්මාන් කවාජා පන්දු 175 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 85 ක් රැස්කළ අතර මංගල තරගයට ක්‍රීඩාකරන ඒරන් ෆින්ච් පන්දු 161 කදි හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය.
තරගයේ තෙවැනි දිනය වූ අද තරගය නතර කරනවිට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තානය ලකුණු 45 කට කඩුලු 3 ක් අහිමිකර ගෙන සිටියේය. නමුත් ඕස්ටේ්‍රලියාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 280 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ පාකිස්තානය මේ වනවිට ඕස්ටේ්‍රලියාවට වඩා ලකුණු 325 ක් ඉදිරියෙන් පන්දුවන්නේය.
ඉමාම් උල් හක් ලකුණු 23 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ජෝන් හෝලන්ඞ් කඩුලු 2 ක් බිඳ හෙලිමට සමත්විය.
හෙට තරගයේ සිවුවැනි දිනයයි.
පාකිස්තාන පළමු ඉනිම - ඕවර 164.2 කදී සියලුදෙනා දැවී 482
(ඉමාම් උල් හක් 76, මොහොමඞ් හෆීස් 126, හරිස් සොහෙල් 110, අසාද් ශාෆික් 80, පීටර් සිඞ්ල් 58/3, නේතන් ලයන් 114/2
ඕස්ට්‍රේලියා පළමු ඉනිම - ඕවර 83.3 කදී සියලුදෙනා දැවී 202
(උස්මාන් කවාජා 85, ඒරන් ෆින්ච් 62, බිලාල් අසීෆ් 36/6, මොහොමඞ් අබ්බාස් 29/4)
පාකිස්තාන දෙවැනි ඉනිම - ඕවර 16.2 කදී කඩුලු 3 ක් දැවී 45
(ඉමාම් උල් හක් නොදැවී 23, ජෝන් හෝලන්ඞ් 9/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.