Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියානුවන් මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 97 ක වාසියෙන් උවමනාවට වඩා ප‍්‍රයෝජන ගැනීමට ඉඩ නොතැබූ ඉන්දීය පිතිකරුවෝ බි‍්‍රස්බේන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (19 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 71 ක් ලබාගත්හ. තවමත් ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ලකුණු 26 ක් පසුපසින් සිටින ඉන්දීය පිල හමුවේ ඇති අභියෝගය වන්නේ තරගයේ ඉතිරි දින දෙකේදීම ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන් හා කළ යුතු ගනුදෙනුව කුමන ආකාරයෙන් බේරාගත යුතුද යන්නයි.
මෙහිදී ඉන්දියානුවන්ගේ වාසියට හිිටින එකම කාරණය නම් පළමු ඉනිමේදී පන්දු යවමින් සිටියදී තුවාල ලත් මිචෙල් මාෂ් දෙවැනි ඉනිමේ පන්දු නොයැවීමත් මේ දිනවල බි‍්‍රස්බේන්හි පවතින උෂ්ණාධික තත්ත්වයත්ය.
කෙසේ වෙතත් අද දහවල බි‍්‍රස්බේන් නුවර පැවැති ෆැරන්හයිට් අංශක 94 උෂ්ණත්වය හෙට සහ අනිද්දා වන විට ෆැරන්හයිට් අංශ 83 සහ 82 බවට පත්වන බවත් වැසිබර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් කාලගුණ විශේෂඥයන් ප‍්‍රකාශ කරන හෙයින් ඉන්දියානුවන් හමුවේ ඇති අභියෝගයද සුළු පටු නොවේ.
ඉන්දීය පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 408 ට පිළිතුරු සොයා ගිය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ලකුණු 505 ක් ලබාගත්තේය.
ලකුණු 400 පෙනි පෙනී තිබියදී ඕස්ටේ‍්‍රලියානු නායක සටීවන් ස්මිත් සහ මිචෙල් ජොන්සන් අතර පැවැති සම්බන්ධතාව බිඳහෙළීමට ඉන්දියානුවන් සමත් වූ නමුත් පසුපස නොබැලූ මිචෙල් ස්ටාක්ගේ (52) පිතිහරඹයත් සමගින් ඕස්ටේ‍්‍රලියානුවෝ ලකුණු 500 සීමාව පසුකළහ.
ඕස්ටේ‍්‍රලියානු පිලේ 9 වැනි කඩුල්ල ලකුණු 454 දී බිම වැටුණද කෝඩුකාර ජොස් හේසල්වුඞ් (නොදැවී 32) සමග එක්වූ මිචෙල් ස්ටාක් 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩන`ගමින් ලකුණු 97 ක මුල් ඉනිමේ වාසියක් කරා ඕස්ටේ‍්‍රලියානු පිල කැඳවාගෙන ගියේය.
ලකුණු 221 කට කඩුලූ 4 ක් දැවී තිබියදී ඕස්ටේ‍්‍රලියානුවෝ අද දිනය ආරම්භ කළහ. දිවා ආහාරයට පෙර කඩුලූ 2 ක් අහිමි කරගත් නමුත් ඒ අතරවාරයේදී ලකුණු 130 ක් ලබාගැනීමට ඔස්ටේ‍්‍රලියානුවෝ සමත් වූහ.
ඊයේ සවස තරගය නතර කරන විට ලකුණු 7 ක් ලබා සිටි මිචෙල් මාෂ්ට අද පෙරවරුවේදී ලබාගත හැකියවූයේ ලකුණු 4 ක් පමණි. පෙරේදා දහවලම පාදයේ කලව පසුපස මස්පිඬුවේ අසීරුතාවකින් පෙළමින් සිටි මාෂ් වේග පන්දු යවන ඉෂාන්ත් ෂර්මාගේ පන්දුවක් නිදැල්ලේ යාමට හැරියද එහි අනුයාත ප‍්‍රතිඵලය වූයේ පන්දුව පිට ඉන්නට කඩාවැදීමයි.
මුහුණ දුන් පළමු පන්දු හතරෙන් දෙකකදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූයේ යයි කළ ප‍්‍රබල ඉල්ලීම් දෙකකින්ම ගැළවුණ බ‍්‍රැඞ් හැඩින්, වේග පන්දු යවන වරූන් ඒරන්ගේ බවුන්සර් පන්දුවකින් ගැලවීමට යාමේදී ෂෝට් ලෙග්හි සිටි චෙටේස්වාර් පුජාරාට උඩපන්දුවක් දුන්නේය.
පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටින ඕස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක් වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගෙන සිටින ස්මිත්ට එක්වූ මිචෙල් ජොන්සන් ඉන්දියානුවන් නොසිතූ ආක‍්‍රමණයක යෙදෙමින් පන්දු 93 කින් ලකුණු 88 ක් ලබාගත්තේ හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 148 ක සම්බන්ධතාවකට දායක වෙමිනි. මෙම ලකුණු 148 සම්බන්ධතාව වෙනුවෙන් ඔවුන් දෙදෙනාම මුහුණ දුන්නේ පන්දු 156 කට පමණි.
පිටියට පැමිණි විගසින්ට ජොන්සන්ට සරදම් කළ ඉන්දියානුවෝ ඊට අනපේක්‍ෂිත වන්දියක් ගෙවූහ. ජොන්සන් ලබාගත් ප‍්‍රචණ්ඩකාරී ලකුණු 88 ට හයේ පහරක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් වූ අතර ඉෂාන්ත් ෂර්මාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් නායක ස්මිත් දැවී යන විට ඔහු සිය ඉනිමට හතරේ පහර 13 ක් සහ හයේ පහර දෙකක් ඇතුළත් කර තිබිණ.
මේ වනවිට සිය ඉතා විශිෂ්ට අන්දමින් ලකුණු අතරට පැමිණ සිටින ස්ටීවන් ස්මිත් පාකිස්තානු පිලට එරෙහිව අබුඩාබිහිදී පැවැති ටෙස්ට් තරගයේදී දැවී යාමෙන් පසුව, ඊළග දැවීයාම දක්වා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 347 කි. ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ නොදැවී 162 සහ නොදැවී 52 (ඉන්දියාවට එරෙහිව ඇඩිලේඞ්හිදී) හා 133 ක් වශයෙනි.
ඉන්දියාව පළමු ඉනිම 408
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 505
(කි‍්‍රස් රොජර්ස් 55, ඬේවිඞ් වෝනර් 29, ෂේන් වොට්සන් 25, ස්ටීවන් ස්මිත් 133, ෂෝන් මාෂ් 32, මිචෙල් මාෂ් 11, ම්චෙල් ජොන්සන් 88, මිචෙල් ස්ටාක් 52, නේතන් ලයන් 23, ජොස් හේසල්වුඞ් නොදැවී 32, ඉෂාන්ත් ෂර්මා 117/3, වරූන් ඒරන් 145/2, උමේෂ් යාදව් 101/3)
ඉන්දියාව දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 71
(මුරලි විජේ 27, ෂිකාර් ධාවන් නොදැවී 26, චෙටේස්වාර් පුජාරා නොදැවී 15)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.