Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි ටෙස්ට් තරගයේදී තමන්ට විශේෂ පීඩනයක් නොමැති බවත් රටට වෙනුවෙන් ක‍්‍රීඩා කරද්දී වඩාත් හොදින් ක‍්‍රීඩා කළ යුතු යන පීඩනය සෑම අවස්ථාවකදීම තමන්ට ඇති බවත් ශ‍්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන මහේල ජයවර්ධන පැවසීය.
අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී මහේල ජයවර්ධන පිට පිටම පන්දු තුනකදී දැවී යෑමෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි පීඩනයකට පත්විය.
මහේල පළමු ඉනිමේ ලකුණු 5 ක් ලබා සිටියදී බිලාවල් භාටිගේ පන්දුවකට කඩුලූ රකින අද්නන් අක්මාල් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගිය ද, එම පන්දුව නිපන්දුවක් බවට තෙවැනි විනිසුරු තහවුරු කිරීමෙන් පසුව මහේලට තවදුරටත් කඩුල්ලේ රැදී සිටිමේ අවස්ථාව උදාවිය. කෙසේ වෙතත් මහේල ඊළග පන්දුවට නැවතත් කඩුලූ රකින්නාට උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේය.
මහේල දෙවැනි ඉනිමේ පළමු පන්දුවේදීම බිලාවල් භාටිගේ පන්දුවකටම ගලී ක‍්‍රීඩකයාට උඩ පන්දුවක් ලබාදී නැවතත් දැවී ගියේය.
මහේල 2012 අපේ‍්‍රල් මස එංගලන්තයට එරෙහිව ගාල්ලේදී පැවැති තරගයේ පළමු ඉනිමේදී රැස් කළ ශතකයෙන් (105) පසු ක‍්‍රීඩා කළ ඉනිම 18 කදී එකම ශතකයක් හෝ වාර්තා කිරීමට අසමත් වී සිටියි. මහේල අවසන් වරට ක‍්‍රීඩා කළ ඉනිම 18 දී රැුස්කර ඇත්තේ ලකුණු 371 ක් පමණක් වන අතර එහි ඉනිමක ලකුණු සාමාන්‍ය 23.19 කි.
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නිහි පැවැති ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කිරීමෙන් පසු වසරකට අධික කාලයකින් පසු මහේල අබුඩාබිහිදී ටෙස්ට් තරගයකට ක‍්‍රීඩා කළේය.
ඩුබාඩි ක‍්‍රීඩාංගණයේදී ඊයේ (06) පෙරවරුවේ පැවැති පුහුණු සැසියෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ මහේල ජයවර්ධන මෙසේ ද පැවසීය.
”මට විශේෂ පීඩනයක් නෑ. ශ‍්‍රී ලංකාවට ක‍්‍රීඩා කරන විට හැම තරගයක්ම හොදින් ක‍්‍රීඩා කරන්න ඕන කියන පීඩනය මට තියෙනවා. මම ක‍්‍රීඩා කර තිබෙන තරග සංඛ්‍යාව බැලූවම මට විශේෂ පීඩනයක් නෑ”
”මම හිතන්නේ පළමු තරගයේදී මට හො`ද පන්දු දෙකක් වැටුණා, ඒ දෙකෙන් මට ගැලවෙන්න බැරි වුණා. ඒ ගැන වැඩිය හිතන්නේ නැතුව දෙවැනි තරගයට ක‍්‍රීඩා කරනවා. ආසාර්ථකයි කියන්න බෑ, තරගයකදී හොදින් ක‍්‍රීඩා කරන්නත් පු`ඵවන්, නැති වෙන්නනත් පුඵවන්”
”ඔහු (බිලාවල් භාටි) නව පන්දු යවන්නෙක්, මම මීට පෙර ඔහුගේ පන්දුවට ක‍්‍රීඩා කර තිබුණේ නෑ. ඔහු එක්දින තරගාවලියේ හොදින් පන්දු යවන බවට මා දැනුවත්ව සිටියා. ඕනම පන්දු යවන්නකුට පළමු වර මුහුණ දෙන විට වෙනසක් තියෙනවා, ඔහු මට නියම ස්ථානයේ පන්දුව පතිත කළා”
”පාකිස්තානු පිලේ දක්‍ෂ නව පන්දු යවන්නෝ ඉන්නවා, ඔහු පන්දු යවනවා නැරඹුවා නමුත් නරඹනවායි පන්දුවට පහර දෙනවයි කියන්නේ දෙකක්, ඊළග තරගයේදී ඔවුන්ට මුහුණ දීම පිළිබ`දව අවධානය යොමු කරනවා”
ටෙස්ට් තරගාවලිය ජය ලැබීමට නම් විශේෂයෙන් කළ යුතු කුමක්ද යන ප‍්‍රශ්නයට මහේල මෙසේ පිළිතුරු සැපයීය.
”පාකිස්තානු වේග පන්දු යවන්නන්ට බලපෑක් කළ හොත් අපිට ජය ගන්න පුඵවන්. කණ්ඩායමක් හැටියට සැළසුකර තරග කරන්න ඕනේ, දෙන අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජනය ගන්න ඕනේ. අපි ලංකාවේදී 1-0 කින් ජය ගත්තේ සැළසුම් කරලයි”
”ගොඩ කාලයකින් ටෙස්ට් තරගයක් ක‍්‍රීඩා නොකර පාකිස්තානය වැනි කණ්ඩායමකට එරෙහිව අපි පළමු තරගය හොදින් ක‍්‍රීඩා කරපු එක ඉතිමත්ම වැදගත්, එහිදී අමාරු තත්ත්වයක ඉදලා ගොඩ ආපු එක ඉතාම වැදගත්, ඒක දැන් අවසන් මේ තණතීරුව පිළිබ`දව සළකා මුල සිට යා යුතුයි. සැලැස්මකට අනුව ක‍්‍රීඩා කළ හොත් ජයග‍්‍රහණය කරන්න පු`ඵවන්”
මහේල මේ වන විට ටෙස්ට් තරග 139 කදී සාමාන්‍ය 49.14 ක් පවත්මින් ලකුණු 10,811 ක් රැස්කර තිබේ. 36 හැවිරිදි මහේල ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ ක‍්‍රීඩකයා ද වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.