Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අද (20 වැනිදා) පැවැති තරගයකදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත්විය. මෙම තරගය සී.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මධ්‍යම පළාත් කණ්ඩායම වෙනුවෙන් පුබුදු බණ්ඩාර නොදැවී ලකුණු 36 ක් ලබාගනිමින් පිත්තෙන්ද ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
උතුරු පළාත - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 81
(කල්හාර සේනාරත්න 03/2, ඕසධ හේරත් 18/2, පුබුදු බණ්ඩාර 19/2, නිම්නක ජයතිලක 24/2)
මධ්‍යම පළාත - ඕවර 25 කදී කඩුල්ලක් දැවී ලකුණු 82
(පුබුදු බණ්ඩාර නොදැවී 36, ගජිත කොටුවේගොඩ නොදැවී 34)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.