Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මධුශංක - මානසිංහ දකුණු අප්‍රිකානුවන් අසරණ කරති
පළමු ටෙස්ට් තරගය

මධුශංක - මානසිංහ දකුණු අප්‍රිකානුවන් අසරණ කරති

editorial - 2023 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(දමින්ද විජේසූරිය)

ඩිල්ෂාන් මධුශංක (31/3) සහ ලක්ෂිත මානසිංහ (19/5) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ දකුණු අප්‍රිකානු ‘ඒ’ පිතිකරුවෝ, පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) ලකුණු 131 කට දැවී ගියහ. සිය මුල් ඉනිමේදී ලකුණු 325 ක් ලබාගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම මේ වන විටත් ලකුණු 194 ක් ඉදිරියෙන් පසුවෙයි. 

අද තේ පානයට මඳ වේලාවකට කලින් දකුණු අප්‍රිකානු ‘ඒ’ ඉනිම නිමා විය. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නැවතත් පිතිහරඹයට සූදානම් වූ නමුත්, ඒ සමගම ඇතිවූ වැසි සහිත කාලගුණය හේතුවෙන් අද දිනයේදී තරගය නැවතත් ආරම්භ කළ නොහැකි විය. 

අද පෙරවරුවේදීම පිති අතට ගත් දකුණු අප්‍රිකානුවන්ට ලැබුණේ භයංකාර ආරම්භයකි. දෙවැනි පන්දුවේදීම ජෝර්ඩ්න් හේඩ්න්ගේ කඩුලු ඉනි සොළවා දැමූ වමත් වේග පන්දු යවන්නා, සිය ඕවර 9 ඇතුළතදී ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගත්තේය. මේ අතරවාරයේදී ලසිත් ඇඹුල්දෙණිය විසින් දකුණු අප්‍රිකානු ‘ඒ’ නායක ටෝනි ඩි’සෝසි දවාගැනීම හේතුවෙන් ලකුණු පුවරුව 45/4 ක් ලෙසින් දිස්විය. 
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් සූදානම් වෙමින් සිටින බැවින් මිලාන් රත්නායකගේ ඕවර 4 කට පසුව ලසිත් ඇඹුල්දෙණිය පන්දු යැවීමට කැඳවන ලදි. එතැන් සිට ඇඹුල්දෙණිය සහ මානසිංහ එක්වී ලකුණු 65 ක් තුළ ඉතිරි කඩුලු හයම දවාගත්හ. 

ශ්‍රී ලංකාවේ දැනට සිටින වඩාත්ම පළපුරුදු ටෙස්ට් පිට දඟ පන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමේ සිටියද, ඔහුට එකම පන්දුවක් හෝ යැවීමට අවශ්‍ය නොවූයේ මානසිංහ ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටි බැවිනි. 


අදහස් (0)

මධුශංක - මානසිංහ දකුණු අප්‍රිකානුවන් අසරණ කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.