Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 33 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර බැංගලෝර්හි එම්. චින්නස්වාමි කී‍්‍රඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල සමත් විය.
ජග‍්‍රහණය සඳහා ලකුණු 112 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් පිල පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ මන්දීප් සිං පන්දු 18 කදී නොදැවී ලකුණු 45 ක් රැුස්කරමින් බැංගලෝර් පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය. ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 23 කදී ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කි‍්‍රස් ගේල් (21) සහ විරාට් කෝලි (34) බැංගලෝර් පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට්රයිඩර්ස් පිල ඕවර 10 ක් අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 111 ක් ලබාගත්තේය.
එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 17 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 45 ක් රැස්කළ ඇන්ඩි‍්‍ර රසල් කොල්කටා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට්රයිඩර්ස් පිලට ආරාධනා කර සිටි අතර ආරම්භයේදී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් ඕවර 10 කට සීමා කෙරිණ.
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 10 කදී කඩුලූ 4 ක් දැවී 111
(රොබින් උත්තාපා 23, ඇන්ඩි‍්‍ර රසල් 45)
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල - ඕවර 9.4 කදී කඩුලූ 3 ක් දැවී 115
(කි‍්‍රස් ගේල් 21, විරාට් කෝලි 34, මන්දීප් සිං නොදැවී 45)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.