Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජුලි මස 8 දා සිට 16 දක්වා බොස්ට්වානාහිදී පැවැත්වීමට නියමිත 8 වැනි ලෝක ශූරතා යොවුන් දැල් පන්දු තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය යටත්ව ප්‍රකාශයට පත්කර තිබේ. මෙම කණ්ඩායමේ නායකත්වයට සෙලාන් බැංකුව නියෝජනය කරන මන්දිරා චතුරංගි නම්කර ඇති අතර පාසල් ක්‍රීඩිකාවක් වන මහනුවර හිල්වුඞ් විදුහලේ කවීනා රාජපක්ෂ උපනායිකාව ලෙස නම්කර ඇත.
ප්‍රවීණ පුහුණුකාරියක් වන ජානකී ගුණසේකර මහත්මිය කණ්ඩායමේ පුහුණුකාරිය ලෙසත් අමල්කා ගුණතිලක සහය පුහුණුකාරිනිය ලෙසත් නම් කර සිටිති.
තරගයේ මූලික වටයේදී ශ්‍රී ලංකාව තරග වදින දින
ජූලි 8 දා - ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය |
දකුණු කොරියාවේ පැවති ආසියානු ශූරතා යොවුන් දැල් පන්දු තරගාවලිය නියෝජනය කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු මෙවර ලෝක ශූරතා තරග සංචාරයට ඇතුළත් වෙති. මෙලනි විජේසිංහ, තමාෂා අලුවිහාරේ, සෙත්මි දනුෂි සහ සුසීිමා කුමාරි බණ්ඩාර මෙවර කණ්ඩායමට ඇතුළත්ව ඇති නවකයෝ වෙති.
මෙම තරගාවලියට රටවල් 20ක් සහභාගී වීමට නියමිතය. කාණ්ඩ 4ත් යටතේ තරගාවලියේ මූලික වටය ක්‍රියාත්මකවේ. එම කණ්ඩ 4 නියෝජනය කරන රටවල් මෙසේය.
■ ඒ කාණ්ඩය - නවසීලන්තය, ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය සහ සමෝවා රාජ්‍යය
■ බී කාණ්ඩය - ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බැබඩෝස්, සිම්බාබ්වේ, සිංගප්පූරුව
■ සී කාණ්ඩය - ජැමේකාව, බොස්වානා, කුක් අයිලන්ඞ්, මලයාසියාව සහ උගන්ඩාව
■ ඩී කාණ්ඩය - එංගලන්තය, ෆීජ් දූපත්, ට්‍රිනි ඩෑඞ් සහ ට්‍රබැගෝ, වේල්සය, ග්‍රේනේඩාව
ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම
මන්දිරා චතුරංගි (නායිකා) - සෙලාන් බැංකුව
කවීනා රාජපක්ෂ (උපනායිකා) - හිල්වුඞ් විදුහල -මහනුවර
මෙලනි විජේසිංහ - විශාකා විදුහල, කොළඹ
තමාෂා අලවිහාරේ - හිල්වුඞ් විදුහල -මහනුවර
සෙත්මි දනුෂි - ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමය - කුරුණෑගල
එච්. ඩී. හපුආරච්චි - ශූද්ධ වූ පවුලේ කන්‍යාරාමය - කුරුණෑගල
පූර්ණි ලක්ෂානි ගමගේ - යුද හමුදාව
නදී මනුෂිකා - කළුතර
තරුෂි ඉලංගරත්න - විශාකා විදුහල -කුරුණෑගල
සචිනි හිරුණිකා - සෙලාන් බැංකුව
සුසීිමා කුමාරි බණ්ඩාර - ශූද්ධ වූ පව්ලේ කන්‍යාරාමය - කුරුණෑගල
අතිරේක ක්‍රීඩිකාවෝ
ඉමේෂා නිර්මාණි, ආලෝකා දිසානායක සහ රශ්මි දිව්‍යාංජලී
නිලධාරි මණ්ඩලය
ජයන්ති සෝමසේකරම් ද සිල්වා (කළමනාකාරිනි), ජානකී ගුණසේකර (පුහුණුකාරිනිය),
අමල්කා ගුණතිලක (සහය පුහුණුකාරිනිය) සහ වෛද්‍ය ලාල් ඒකනායක මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.