Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මනුජ නිසල් ශ්‍රී ලංකා පිලේ නායකත්වයට
මධ්‍යම ආසියානු වොලිබෝල්

මනුජ නිසල් ශ්‍රී ලංකා පිලේ නායකත්වයට

editorial - 2024 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් මනුජ නිසල් නම්කර තිබේ. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ලලිත් ප්‍රේමලාල් මහතා පත්කර ඇත.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්‍ෂණය ඇතිව, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන තරගාවලිය මේ මස 6 වැනිදා වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරගාවලිය මේ මස 12 වැනිදා දක්වා පැවැත්වේ. 

උස්බෙකිස්තානය, නේපාලය, කිරිගිස්තානය, තුර්ක්මෙනිස්තානය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් මෙම තරගාවලියට සහභාගි වෙති. 

තරගාවලියේ සමාරම්භක උත්සවය 6 වැනිදා (ඉරිදා) පස්වරු 3.00 ට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. තරගාවලියේ සමාප්ති උත්සවය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ සියලුම තරග නොමිලේම නැරඹීම සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දොරටු විවර කර තැබෙනු ඇත. 

 


ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම 
ඉදිරිපෙළ (වමේ සිට)
මනුජ නිසල් (නායකයා), ලලිත් ප්‍රේමලාල් (ප්‍රධාන පුහුණුකරු), ඒ.එස්. නාලක (ලේකම් - ශ්‍රී.ල.වො.ස.), කංජන ජයරත්න (සභාපති - ශ්‍රී.ල.වො.ස.), චමින්ද ලක්‍ෂ්මන් කුමාර (කළමණාකරු), උපේන්ද්‍ර පෙරේරා (සහාය පුහුණුකරු) සහ මොරිස් චමින්ද (අභ්‍යාසක)

පසුපෙළ (වමේ සිට)
සසිඳු  ප්‍රබෝද්, ශක්ති විදුරංග, අදීෂ් තේනුක, උදිත ප්‍රියාන්, ලසිත් නිමේෂ, හිරුන් රෝචන, චමෝද් ඉසුරු, සනුජය මනිත්, තිසර දේශාන්, සත්සර නිමේශන සහ හේෂාන් ප්‍රනාන්දු


අදහස් (0)

මනුජ නිසල් ශ්‍රී ලංකා පිලේ නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.