Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස එහි හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වැඩි ඡන්ද 47 කින් තේරී පත් විය. පාලිත ප්‍රනාන්දු මහතා ඡන්ද 72 ක් ලබාගනිද්දී මෙතෙක් කලක් සභාපතිධූරයේ කටයුතු කළ සුගත් තිලකරත්න මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 32 ක් පමණි. මෙවර මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේදී නිලධාරී මණ්ඩලය ඉදිරි වසර හතරක කාලයක් සඳහා පත්ව සිටී.
ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේදී පැවති මලල ක්‍රීඩා සංගම් නිලවරණයේ ප්‍රධාන ලේකම් ධූරයට ප්‍රේමා පින්නවල මහතාත්, භාණ්ඩාගාරික ධූරයට ශාන්ත ද සිල්වා මහතාත්, උප ලේකම් ධූරයට බර්නාඞ් පෙරේරා මහතාත් නිතරගයෙන් පත් වූහ.
උප සභාපති ධූර හතක් සඳහා පැවති ඡන්ද විමසීමේදී ලාල් චන්ද්‍රකුමාර(68), නිමල් එස් පෙරේරා(67), එච්. ඩබ්ලිව් නිමල්සිරි(66), අනිල් වීරසිංහ (61), ඒ. එස්. ලක්මාල් (53), නයන්ති කුමාරි චන්ද්‍රසේන (44) සහ අයිරාංගනී රූපසිංහ (39) යන මහත්ම මහත්මීහු තේරී පත් වූහ. එහිදී ලාල් චන්දකුමාර මහතා ඡන්ද 68ක් ලබා ගනිමින් උප සභාපති සටනේ වැඩිම ඡන්දලාභියා විය.
පාසල් නියෝජනය කරමින් පත් කෙරෙන නියෝජිතයකු සහ උප ලේකම්වරයා පසුව පත් කෙරෙනු ඇත.
උප භාණ්ඩාගාරික ධූරය සඳහාද ඡන්ද විමසීමක් පැවති අතර එච්.ඒ උපාලි මහතා ඩැඩි ඡන්ද 21 කින් සම්පත් ජයසේන මහතා පරාජයට පත්කරමින් එම ධූරයට පත්විය.
මලල ක්‍රීඩා සංගම් නිලවරණයේදී සභාපති තනතුර සඳහා වූ සටන කිසියම් තියුණු මුහණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කෙරුණද එවැන්නක් සිදු නොවීය. මලල ක්‍රීඩා සභාපති තනතුරට අලුතින් යළි පත් වූ පාලිත ප්‍රනාන්දු මහතා මීට පෙර දීර්ඝ කාලයක් එම තනතුර හෙබවූ ප්‍රවීණයෙකි.
මෙවර නිලවරණයේදී ජයලැබූ අය මෙන්ම පරාජය වූ සියලු පාර්ශවලද සහයෝගය ඇතිව ඉදිරි මලල ක්‍රීඩා සංවර්ධන කටයුතු කඩිනමින් දියුණු කරන බව පාලිත ප්‍රනාන්දු මහතා පැවසීය. තමාගේ සේවා කාලයේ ඇතැම් පිරිස් අවශ්‍ය සහයෝගය නොදීම නිසා තම ඉදිරි ගමනට බාධා ඇති වූ බව පරාජිත සභාපති සුගත් තිලකරත්න මහතා පැවසීය.
මලල ක්‍රීඩා සංගමයේ නිලධාරී මණ්ඩලය
සභාපති
විශ්‍රාමික ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා (ඡන්ද 79)
උප සභාපතිවරු
ලාල් චන්ද කුමාර (ඡන්ද 68), ජී.එල්.එස්. පෙරේරා (ඡන්ද 67), එච්.ඩබ්.නිමලසිරි (ඡන්ද 66), අනිල් වීරසිංහ (ඡන්ද 61), ඒ.එච්.එම්.අක්මාල් (ඡන්ද 53), නයන්ති කුමාරි චන්ද්‍රසේන (ඡන්ද 44) සහ අයිරාංගනී රූපසිංහ (ඡන්ද 39)
ප්‍රධාන ලේකම්
ප්‍රේමා පින්නවල මහතා (නිතරගයෙන්)
භාණ්ඩාගාරික
ශාන්ත ද සිල්වා මහතා (නිතරගයෙන්)
උප භාණ්ඩාගාරික
එච්.ඒ. උපාලි මහතා (ඡන්ද 65)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.