Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නව පාලනය ප‍්‍රතික්ෂේප කිරීමට අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ
එම සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම පසුගිය අඟහරුවාදා (9) පැවැත්වුණි. උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව එම රැස්වීමේදී දීර්ඝ ලෙස අදහස් පළවූ බවද වාර්තා වේ.එම රැස්වීමට සහභාගි වූ මලල කී‍්‍රඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පෙන්වාදී ඇත්තේ පසුගිය මැයි 14 වැනිදා පැවැති නිලවරණයෙන් (2015-17) පත්වූ නව නිලධාරි මණ්ඩලයට මලල කී‍්‍රඩා සංගමයේ පාලනය පැවරූ බවට ලිඛිත නිවේදනයක් අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයට යොමුකළ යුතු බවය.
ලංකා ලයන්ස් මලල කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් මධ්‍යම කමිටු රැස්වීම නියෝජනය කළ පාලිත ප‍්‍රනාන්දු මහතා පවසා ඇත්තේ වත්මන් පාලනයට විශ්වාසය පළකිරීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවිය යුතු බවයි.
කෙසේ වුවත් ප‍්‍රනාන්දු මහතාගේ යෝජනා හා අදහස් සම්බන්ධයෙන් මලල කී‍්‍රඩා සංගමයේ ප‍්‍රධානීන් දැඩි අවධානය යොමුකර සිටි බවද මලල කී‍්‍රඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා පරිපාලනයේ වත්මන් අර්බුදයට හේතුවී ඇත්තේ මැයි 14 වැනිදා නිලවරණයෙන් පත්වූ නිලධාරි මණ්ඩලය පිළිගැනීම අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමයි. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ කී‍්‍රඩා පනත් නව රෙගුලාසි අනුව මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණය පැවැත්වීමෙන් එම සංගමයේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවකි.
එම තත්ත්වය මත ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණයෙන් පත්වූ නව නිලධාරි මණ්ඩලය වෙනුවට හිටපු නිලධාරින් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල මලල කී‍්‍රඩා බලධාරින් ලෙස තවදුරටත් පිළිගැනීමට සිදුවන බවත් අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය ශ්‍රී ලංකාවට විද්්‍යුත් තැපෑල ඔස්සේ එවූ ලිපියක දැක්වෙන බවද සඳහන් වේ.
‘ලංකාදීප’ය කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ලේකම් සුනිමල් රූපසිංහ මහතා ඒ සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකත්වයේ එකඟතාවයෙන් කටයුතු කර තීරණයක් ගැනීම සඳහා විශේෂ මහා සභා රැස්වීමක් ඉදිරියේදී කැඳවන බව පැවැසීය.
ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරග සහභාගිත්වයට අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය මෙතෙක් තහනමක් පනවා නැතැයිද පැවැසූ ඔහු ඉදිරියේ සැලසුම් කළ අයුරින් ශ්‍රී ලංකාව ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගාවලියට සහ ලෝක ශූරතා මලල කී‍්‍රඩා තරගමාලා සඳහා සහභාගි වීමට සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
කෙසේ වුවත් හිටපු නිලධාරින් නව පාලනයේ නීත්‍යානුකූලභාවය සනාථ කිරීම සඳහා මැදිහත්වීම කෙතෙක් දුරට ප‍්‍රායෝගික වන්නේද යන්න පිළිබඳවත් මේ වන විට මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ දැඩි කතාබහක් ඇතිවී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.