Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තේරීම් කමිටුව කි‍්‍රයාත්මක නොවන අවස්ථාවකදී අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගමාලා දෙකකට ශ්‍රී ලංකා කණ්ඩායම් නිර්දේශ කිරීම නැවතවරක් මතභේදයට තුඩුදී ඇතැයි වාර්තාවේ. මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායම් තෝරාගනු ලැබ ඇත්තේ මලල කී‍්‍රඩා සංගමයයි.
මෙම තත්ත්වය හමුවේ හෙට (1) පස්වරු 3ට පාපන්දු සම්මේලන ශ‍්‍රවණාගරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි මලල කී‍්‍රඩා ආරංචි මාර්ග සඳහන් කරයි.
බෲනායි විවෘත මලල කී‍්‍රඩා ශූරතාවලිය හා ‘මැකාවෝ’ මැරතන් තරගාමාලාව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම්-නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා ඇතුළු ඔහුගේ කිට්ටුවන්තයන් වී සිටින නිලධාරීන් කීපදෙනකු එකතුව බවද මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.
පැවති තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා තරගාවලිය හා මලයාසියානු විවෘත මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් නිර්දේශ කිරීමේදී ද මෙම චොද්නාව සුගත් තිලකරත්න මහතාට එල්ල විය.
පසුව පැවති මධ්‍යම කමිටු හා විධායක කමිටු රැස්වීම්වලදී ඔහු ඒ පිළිබඳව කනගාටුව පළ කරමින් එවැනි සිදුවීම් නැවැත ඇති නොවීමට වගබලා ගන්නා බවත් ප‍්‍රකාශ කර සිටි බව වාර්තා විය.
කෙසේ වුවත් මලල කී‍්‍රඩා සංගම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ විධායක සභිකයන් පිරිසකගෙන් යළිත් වතාවක් සුගත් තිලකරත්න මහතාට චෝදනා එල්ලවුවත් විසුරුවා හැර තිබෙන ජාතික මලල කී‍්‍රඩා තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරීන්ගෙන් බෲනායි හා මැකාවෝ තරගමාලා සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් නිර්දේශ කිරීමේදී විමසීම් කර තිබෙන බවයි.
එහෙත් චෝදනාව එල්ල කරන මලල කී‍්‍රඩා සංගමයේ විධායක සභිකයන් පිරිස දැඩි මතයක සිටිමින් කියා සිටින්නේ තේරීම් කමිටුව කි‍්‍රයාත්මක නොවන අවස්ථාවකදී එවැනි තේරීම් නිර්දේශ කිරීම විධායක සභාවේ විමසීමකින් කළ යුතු බවය.
මලල කී‍්‍රඩා සංගමයේ තේරීම් සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන වත්මන් අර්බුදයට ආසන්නම සිදුවීම වන්නේ පසුගිය ජුනි 9 වැනිදා කී‍්‍රඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ ජාතික මලල කී‍්‍රඩා තේරීම් කමිටුවට මේ දක්වා ඇමැති අනුමැතිය හිමි නොවීමය.
එහි විශේෂත්වය වන්නේ මේ වනවිට කී‍්‍රඩා ඇමැතිවරුන් දෙදෙනකු කී‍්‍රඩා අමාත්‍යාංශයට පත්ව පැමිණියත් මලල කී‍්‍රඩා තේරීම් කමිටුව ඇමැති අනුමැතිය නොලැබීම නිසා තවමත් කී‍්‍රඩා අමාත්‍යාංශයේ රඳවා ගෙන සිටීමයි.
එවකට කී‍්‍රඩා ඇමැති ධුරය හෙබවූ නවින් දිසානායක මහතාගේ අනුමැතියට පළමුව නව තේරීම් කමිටුව යොමු විය. මේ වනවිට කී‍්‍රඩා ඇමැති ධුරය දරන්නේ දයාසිරි ජයසේකර මහතාය.
අවසන් වරට පැවැති මලල කී‍්‍රඩා සංගම් මධ්‍යම කමිටු රැුස්වීමේදී එම තත්ත්වය කමිටු නියෝජිතයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය. එහිදී කී‍්‍රඩා අමාත්‍යාංශයේ මලල කී‍්‍රඩා ව්‍යාපෘති නිලධාරී වයි.කේ. කුලරත්න මහතාද එහිදී දැඩි දෝෂාදර්ශනයට ලක්වුයේ ඒ සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ලෙස කටයුතු කිරීමට ඔහු අපොහොසත්වී ඇතැයි චෝදනා කරමිනි.
මේ අතර ලබන ඔක්තෝබර් 5-6 දෙදින ඉන්දියාවේ ‘නවදිල්ලි ’ නුවරදී පැවැත්වෙන සාග් කී‍්‍රඩා සම්බන්ධීකරණ රැස්වීමට ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමය නියෝජනය කරමින් හිටපු ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරු ඒ.සී. ඩර්වින් පෙරේරා මහතාද සහභාගි වේ.
මලල කී‍්‍රඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න හා එහි භාණ්ඩාගාරික ට්‍රොනාඩෝ ජයසුන්දර යන මහත්වරු ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිල වශයෙන් සහභාගි වන නියෝජිතයෝ වෙති.
ලබන දෙසැම්බර් 6 වැනිදා පැවැත්වෙන මැකාවෝ මැරතන් තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්දේශ කර ඇත්තේ ජාතික මහ කී‍්‍රඩා උළෙලේ පැවැති මැරතන් තරගාවලියේ පිරිමි තරගායේ රිදී පදක්කම දිනා ගත් ටී.පී.සී.පී. අලහකෝන් හා කාන්තා තරගය ජයගත් බී.ජී.එල්. අනුරාධීය.
මෙසේ ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මැරතන් දෙවැනි ස්ථානයට පත් කී‍්‍රඩකයා මැකාවෝ මැරතන් තරගයට තෝරාගැනීමට හේතුවී ඇත්තේ එහි ජයග‍්‍රාහකයා බවට පත්වූ අමිල සනත් කුමාර එළඹෙන ජනවාරි 10 වැනිදා ආරම්භ වන 12 වනි සාග් කී‍්‍රඩා මැරතන් (පිරිමි) තරගයට නිර්දේශ කෙරෙන බැවිනි.
ඇතැම් ‘සාග්’ කී‍්‍රඩා උළෙලේ මැරතන් (කාන්තා) ඉසව්ව පැවැත්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බැවින් ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මැරතන් ජයග‍්‍රාහිකාව වු අනුරාධි මැකාවෝ තරගයට සහභාගී කිරීමට තීරණය කර ඇත.
නොවැම්බර් 17-18 යන දෙදින පැවැත්වෙන බෲනායි විවෘත මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඞී.එල් සමරජීව (මීටර 5000-පිරිමි), ආර්.ඞී. කරුණාරත්න (මීටර 400 කාන්තා), ඩබ්.පී.පී.ආර්. දුලක්‍ෂි ( මීටර 800 - මීටර 1500 කාන්තා) ජේ. දුලංජනී (තුන් පිම්ම-කාන්තා) නිර්දේශ කර තිබේ.
ඊට සහභාගි වන ශ්‍රී ලංකා එකම නිලධාරීයා වන්නේ කලමනාකරු ලෙස නම් කර තිබෙන එච්.ඩබ්. නිමල්සිරි මහතාය. මැකාවෝ මැරතන් තරග සංචාරයේ ශ්‍රී ලංකා කළමනාකරු ලෙස සේනානි බෝගහවත්ත මහතා නිර්දේශ කර තිබේ.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.