Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මලික්ගේ ශතකය පාකිස්තානයට ජය ගෙනෙයි

මලික්ගේ ශතකය පාකිස්තානයට ජය ගෙනෙයි

Dilrukshi - 2015 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සංචාරක සිම්බාබ්වේ පිල සහ පාකිස්තාන පිල අතර ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගණයේදී දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 41 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තාන පිල ඊයේ (26 වැනිදා) සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 376 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට  ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 334 ක් පමණි.

එහිදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග පන්දු 95 කින් ශතකයක් ලබාගැනීමට නායක එල්ටන් චිගම්බූරා සමත් වුවද, සිම්බාබ්වේ පිල ජයග‍්‍රහණය කරා රැුගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

හැමිල්ටන් මසකඞ්සා (73) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චිගම්බූරා සමත් විය. පන්දු 73 කදී වාර්තා වූ මසකඞ්සාගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ වහබ් රියාස්  ඕවර 10 ක් යවා ලකුණු 47 කට කඩුලූ 3 ක් දවාගනිමින් සිම්බාබ්වේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල,  ඕවර 50 අවසානයේ කඩුලූ 3 ක් දැවී 375 ක් ලබාගත්තේය.

වසර දෙකකට පමණ පසුව පාකිස්තාන කණ්ඩායම නියෝජනය කළ ශොයිබ් මලික්, මෙම තරගයේදී පන්දු 76 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 112 ක් රැස්කිරීමට සමත් විය. මෙය ඔහුගේ 8 වැනි එක්දින ජ්‍යාතන්තර ශතකයයි.

හැරිස් සොහේල් (නොදැවී 89) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 137 කදී ලකුණු 201 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද මලික් සමත් විය. පන්දු 66 කදී වාර්තා වූ සොහේල්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 156 කදී ලකුණු 170 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක අසාර් අලී (79) සහ මොහොමඞ් හෆීස් (86) පාකිස්තාන පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.


පාකිස්තාන පිල -  ඕවර 50 කදී කඩුලූ 3 කට 375
(මෙහොමඞ් හෆීස් 86, අසාර් අලී 79, ශොයිබ් මලික් 112, හැරිස් සොහේල් නොදැවී 89, ප්‍රොස්පර් උට්සේයා 63/2)

සිම්බාබ්වේ පිල -  ඕවර 50 කදී කඩුලූ 5 කට 334
(වුසී සිබන්ඩා 23, සිකන්දර් රාසා 36, හැමිල්ටන් මසකඞ්සා 73, එල්ටන් චිගම්බූරා 117, ශේන් විලියම්ස් 36, රිච්මන්ඞ් මුටුම්බාමි නොදැවී 21, ප්‍රොස්පර් උට්සේයා නොදැවී 21, වහබ් රියාස් 47/3)

 

- 036

 


අදහස් (0)

මලික්ගේ ශතකය පාකිස්තානයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.