Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිවයිනේ පැරණිතම මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය ලෙස සැලකෙන මහගස්තොට කඳු තරණයේ 82 වැනි අදියර මේ මස 10 වැනිදා පෙරවරු 9.00 සිට නුවරඑළිය නගරයේ මහගස්තොට තේ වතුයාය ආසන්නයේදී පැවැත්වේ.
මීටර් 617 ක දුරකින් සමන්විත ධාවන පථයක පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෝටර් රථ ඉසව් 10 ක් සහ යතුරුපැදි ඉසව් 9 ක් ඇතුළත් වේ. මෝටර් රථ රියැදුරන් 40 ක් සහ යතුරුපැදිකරුවන් 60 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතය.
එස්. එල්. ජී. ටී. (සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ කාණ්ඩයෙන් තරග වැදුණ නිෂාන් වීරසූරිය මෙම තරගාවලියේ මෝටර් රථ තරග වාර්තාවට හිමිකම් කියන අතර ඔහුට තරග වටයක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය තත්ත්පර 34.17 ක් ලෙසින් සටහන් වේ.
එස්. එම්. (සිලින්ඩර් ධාරිතාව 250 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි කාණ්ඩයෙන් තරග වැදුණ ආනන්ද සම්පත් එහි යතුරුපැදි ධාවන වාර්තාවට හිමිකම් කියයි. ඔහුගේ අවම තරග නිමි කාලය තත්ත්පර 34.84 කි.
සිලෝන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය සංවිධානය කරන මෙම තරගාවලයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරන අතර සෙසු අනුග‍්‍රාහකයන් ලෙස මොබිල් ලූබි‍්‍රකන්ට්ස්, මැක්ෆොයිල්, මහින්ද්‍රා මෝටර්ස්, ද බැක්පූල් සහ ද ස්පෙන්සර් යන සමාගම් කටයුතු කරයි.
මහගස්තොට කඳු තරණය තරගයට වසර 1934 දක්වා ඉතිහාසයක් තිබෙන අතර සිලෝන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය මෙහි ආරම්භක අදියර පවත්වා තිබෙන්නේ 1934 සැප්තැම්බර් 28 වැනිදායි. 1940 දශකයේදී ලෝක යුද්ධය පැවති වසර වලදී හැර එම සංගමය මෙම තරගාවලිය වාර්ෂිකව පවත්වා ඇත.
තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු info@cmsc.lk යන විද්‍යුත් ලිපිනයට ලියා ලබාගත හැකිය. පවතින කාලගුණ තත්ත්වය හමුවේ තරගකරුවන් සංඛ්‍යාව 100 කට පමණක් සීමා කිරීමට සංවිධායකයන් තීරණය කර ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.