Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය පළපුරුද්දත්, නිපුණත්වයත් කදිමට පෙන්නුම් කළ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 50-15 කින් සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය පරදවා අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ අඛණ්ඩව සිය 10 වැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට ඊයේ සමත්විය.
මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන මහනුවර ක්‍රීඩා සමාජය කුසලානය කරා කිට්ටු වෙමින් සිටින අතර කිසිදු ප්රතිවාදියකුට අභියෝග කිරිමට නොහැකි තරමේ දස්කම් දක්වමින් ඉදිරියට යමින් සිටී. සෙංකඩගල ක්‍රීඩකයෝ නිත්තවෙල සිය සුපුරුදු පිටියේ දී උත්සාහක දිනුම් 8 කින් රතු කමීස කාරයන් හෙම්බත් කළ අතර ඉන් 5 ක්ම ගෝල බවට ප්‍රවර්තනය කරනු ලැබුවේ නයිජල් රත්වත්ත විසිනි.
තරගයේ 15 වැනි මිනිත්තුවේදී තරිඳු චතුරංග තැබූ උත්සාහක දිනුමක් නයිජල් රත්වත්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු 7-0 කින් පෙරමුණ ගැනීමට මහනුවර පිල සමත්විය. අනතුරුව තවත් මිනිත්තු පහක් ඇතුළත මහනුවර පිලේ දෙවැනි උත්සාහක දිනුම තැබුවේ රිචඞ් ධර්මපාලය. නයිජල්ගේ සාර්ථක ප්‍රවර්තනයෙන් ලකුණු 14-0කින් ඉදිරියට ගිය මහනුවර පිල ධනුෂ්ක රන්ජන් තැබූ අගනා උත්සාහක දිනුමත් සමග වේලසනින්ම සී.ආර්.පිල පීඩනයට ඇද වැටිනි.
නයිජල්ගේ ප්‍රවර්තනයෙන් ලකුණු 21-0 කින් මහනුවර පිල ඉදිරියට යද්දී තරගයේ පළමු භාගය නිමාවීමට පෙර දඬුවම් පහරකින් සිය කණ්ඩායමේ ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමට රීසා රෆායිඩීන්ට හැකිවිය. පළමුභාගය නිමාවේදී මහනුවර පිල ලකුණු 21-3 කින් ඉදිරියෙන් සිටියේය.
දෙවැනි භාගය ආරම්භයේදීම ‘රෝලිං මෝල්‘ අවස්ථාවකින් කදිම ඵල නෙලාගත් හුකර් ක්‍රීඩක උචිත් ජයසූරිය තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට ප්‍රවර්තනය කළ නයිජල් රත්වත්ත මහනුවර පිල ලකුණු 28-3 කින් ඉහළට ඔසවා තබද්දි ඔහු තවත් අවිවේකි කරමින් ජේසන් දිසානායක ද කදිම උත්සාහක දිනුමක් තැබුවේය. එහෙත් එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට නයිජල් සමත් වූයේ නැත.
ලකුණු 33-3 කින් සී.ආර්.පිල එහෙම පිටින්ම මෙල්ල කරගත් මහනුවර කණ්ඩායම 58 වැනි මිනිත්තුවේදී ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ උත්සාහක දිනුමෙන් ලකුණු 38-3කින් ඉදිරියට ගියේය. එම උත්සාහක දිනුමත් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට අසමත්වූවත් ඊට මිනිත්තු කිහිපයකට පසුව විශිෂ්ට උත්සාහක දිනුමකින් කණ්ඩායම ඉහළට ඔසවා තැබූ නයිජල් විසින්ම එය ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙන් ලකුණු 45-3 කින් මහනුවර පිල ඉදිරියට ගියේය.
සී.ආර්.පිලේ පළමු උත්සාහක දිනුම වාර්තා වූයේ තරගයේ 69 වැනි මිනිත්තුවේදීය. රීසා රෆායිඩීන් තැබූ එම උත්සාහක දිනුමත් සමග ලකුණු 8 කින් සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ ගියේය. එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමට රෆායිඩීන් අසමත් විය.
තරගයේ 70 වැනි මිනිත්තුවේදී රිචඞ් ධර්මපාලගේ දෙවැනි උත්සාහක දිනුමෙන් ලකුණු 50-8 කින් ඉදිරියට යාමට මහනුවර පිල සමත්විය.
සී.ආර්.පිලේ ලකුණු සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගියේ අවසන් මොහොතේ චරන චාමිකර තැබූ අගනා උත්සාහක දිනුම තරින්ද රත්වත්ත විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කරනු ලැබීමෙනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.