Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජයග‍්‍රහණයේ සිහින පොදිබැඳගෙන කොළඹ පැමිණි අපරාජිත මහනුවර කී‍්‍රඩකයෝ සෙනසුරාදා රත්මලාන ගුවන් හමුදා කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ සිය දෙවැනි තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම හමුවේ ලකුණු 24-21 ක අනපේක්ෂිත පරාජයක් අත්විඳ ගත්හ.
කාලයක් පුරා දේශීය රග්බි පිටියේ ආධිපත්‍ය පතුරුවාලමින් සිටින මහනුවර කී‍්‍රඩා සමාජය අන්දමන්ද කළ පෙරළිකාර ගුවන් හමුදා කණ්ඩායම රත්මලාන ගුවන් හමුදා කී‍්‍රඩාංගණයේදී ලැබූ මේ වාර්තාගත ජයග‍්‍රහණයට ගෝල් 3 ක් සහ දඩුවම් පහරක් එක්වූ අතර මහනුවර කණ්ඩායම රැස් කළේ ගෝල් 3 ක් පමණි.
පිටකොන්දේ ආබාධයක් නිසා තරග බිමෙන් ඉවත්ව සිටි ෆසිල් මරීජා පිටියට පිවිසීමට ප‍්‍රමාද නොවූයේ නම් තරගයේ වෙනසක් ඇතිවීමට ඉඩ තිබිණ. පිටියට පිවිස ගතකළ සුළු වේලාවේදී තරගයේ රිද්මය වෙනස් කළ මරීජා, 21-7 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ගුවන් හමුදාව සමග 21-21 ක් ලෙසින් කරට කර තත්ත්වයට මහනුවර පිල ගෙන ආවේය. මරීජා පිටියේ රැඳී සිටීම මහනුවර කී‍්‍රඩකයන්ගේ ධෛර්යය වඩවන්නක් වූවා මෙන්ම ගුවන් හමුදා කී‍්‍රඩකයන්ගේ පීඩනය වැඩි කරන්නක්ද විය.
කෙසේ වෙතත් තරගය පුරාම කැපී පෙනෙන දස්කම් පෑ චරිත් සෙනෙවිරත්න, තරගය නිමාවීමට මිනිත්තු අටක් ඉතිරිව තිබියදී නිවැරැදිව ගැසූ දඩුවම් පහරින් ලකුණු 24-21 කින් පෙරමුණ ගත් ගුවන් හමුදා පිල තරගය නිමා වනතෙක් මහනුවර පිල ඇද බැඳ තබාගත්තේ ජයග‍්‍රහණය රැක ගනිමිනි.
හැම අතින්ම මහනුවර කී‍්‍රඩා සමාජයට වාසිදායක අනාවැකි පළවූ මේ තරගයේ තුන්වැනි මිනිත්තුවේදීම රුමේෂ් රාම්දාස් තැබූ අනගි උත්සාහක දිනුමක් චරිත් සෙනෙවිරත්නගේ පා පහරින් ගෝලයක් බවට පත්වීමත් සමග තත්ත්වය තරමක් උණුසුම් විය.
තරගයේ 15 වැනි මිනිත්තුවේ දී දනූෂ දයාන් උත්සාහක දිනුමක් තබමින් දෙපිලේ ලකුණු සංඛ්‍යාව 7-7 ක් ලෙස සමකරගත්තේ අර්ෂඞ් ජමාල්ඞීන් එය නිවැරැුදිව ගෝලයක් බවට පත්කිරීමෙනි. ශී‍්‍ර ලංකාවේ සිටි විශිෂ්ටතම ෆුල් බෑක් කී‍්‍රඩකයකු වූ නිෂාම් ජමාල්ඞීන්ගේ පුතණුවන් වන අර්ෂාඞ් පියාගෙන් හිස්වූ තැන කදිමට පුරවමින් සිටී.
මහනුවර කී‍්‍රඩකයන්ගේ හදගැස්ම වැඩි කළ ගුවන් හමුදා කී‍්‍රඩකයෝ 20 වැනි මිනිත්තුවේදී ප‍්‍රතිවාදී සීමාව අසළ එක පොදියට පන්දුව සමග පොරකමින් පොදිය පිටින්ම මහනුවර කණ්ඩායමේ සීමා ඉර වෙතට ආසන්න වූහ. ඒ සමගම ළහිරු උදයංග ඉදිරියට පැන තැබූ උත්සාහක දිනුමක් චරිත් විසින් සාර්ථකව ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 14-7 කින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදා පිල සමත්වූයේ පළමු භාගය නිමාවනවිටත් එය ඒ අයුරින්ම රඳවා තබාගනිමිනි.
දෙවැනි භාගයේ ආරම්භයේදී සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ රුමේෂ් රාම්දාස් ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූ අතර චරිත්ගේ පා පහරින් එය ගෝලයක් බවට පත්වෙද්දී ලකුණු 21-7 කින් ගුවන් හමුදාව ඉදිරියට ගියේය.
ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් දැඩි පීඩනයට පත්ව සිටි මහනුවර පිලේ කී‍්‍රඩකයන්ගේ මානසිකත්වය එකවරම ඉහළ ගියේ 50 වැනි මිනිත්තුවේ දී සුපිරි කී‍්‍රඩක ෆාසිල් මරිජා පිටියට පිවිසීමත් සමගය.
දරුණු කොන්දේ ආබාධයකට ලක්ව මාස ගණනාවක් රග්බි පිටියෙන් ඉවත්ව සිටි මරිජා මෙවර තරගාවලියේ දී නැවත පිටියට පිවිසියේ පළමුවතාවටය. ඔහුගේ පැමිණීමත් සමග මහනුවර කී‍්‍රඩකයන් තරමක ජවයෙන් යුතුව තරගයට අවතීර්ණවූ බවක් දක්නට ලැබිණි.
පිටියට පැමිණීමෙන් මිනිත්තු දෙකකට පසුව තරගයේ රිද්මය වෙනස් කළ මරිජාගේ විශිෂ්ට පන්දු පිරිනැමීමකින් උත්සාහක දිනුමක් තැබීමට ශෂික ජයවර්ධන සමත්විය. කාංචන රාමනායක එය ගෝලයක් බවට පත්කළ අතර 21-14 කින් ලකුණු පරතරය අඩු කරගැනීමට මහනුවර පිල සමත්විය.
නැවතත් කි‍්‍රයාත්මක වූ මරිජා 65 වැනි මිනිත්තුවේදී තැබූ අනගි උත්සාහක දිනුමක් තිළිණ විජේසිංහගේ පා පහරකින් ගෝලයක් බවට පත්වෙද්දී ලකුණු සංඛ්‍යාව 21-21 කින් සමකරගැනීමට මහනුවර පිලට හැකිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.