Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර අපරාජිත වාර්තාව අවසන්

මහනුවර අපරාජිත වාර්තාව අවසන්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේ දෙවැනි සතිය යටතේ මහනුවර තිත්තවෙල පිටියේදී සෙනසුරාදා පැවැති තරගයේදී යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 23-22  කින් සත්කාරක මහනුවර පිල පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ.

යුද හමුදා පිල ලැබූ මෙම තියුණු ජයග්‍රහණයත් සමඟ මහනුවර පිල වසර දෙකකට වැඩි කාලයක් රැකගෙන සිටි අපරාජිත වාර්තාව අවසන් විය. මහනුවර පිල ලීග් තරගාවලියේ වසර දෙකකට වැඩි කාලයක් අපරාජිතව සිටියේය.

මෙම මහනුවර පිල 2016 වසරේ දෙසැම්බර් මස 4 වැනිදා වැලිසරදී නාවික හමුදා පිල හමුවේ පරාජයට පත්වීමෙන් පසුව පෙරේදා දක්වා අපරාජිතව සිටියේය. මහනුවර පිල 2016 ලීග් තරගාවලියේ දෙවැනි සතියේ ගුවන් හමුදා පිල හමුවේ ලැබූ අනපේක්‍ෂිත පරාජයත් සමඟ තරග දෙකක් පරාජය විය.

මහනුවර පිල සිය ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය වන මහනුවර නිත්තවෙල පිටියේදී තරගයක් පරාජයට පත්වූයේ 2015 වසරෙන් පසුව වීම කැපී පෙනේ.

මෙම තරගයේ පළමු අර්ධය අවසන් වන විට යුද හමුදා පිල ලකුණු 15-12 ක් ලෙස පෙරමුණේ පසුවිය. යුද හමුදා පිලේ ගයාන් සාලින්ද දෙවැනි අර්ධයේ 25 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු පුවරුව 23-17 ක් බවට පත්විය.

මහනුවර පිලේ යොවුන් ක්‍රීඩක අනුරුද්ධ විල්ලර 30 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුමත් සමගින් ලකුණු තත්ත්වය 23-22 ක් බවට පත්විය. අවසන් මිනිත්තු දහයක් පමණ දෙපිල ලකණු රැස්කිරීමට පොහොසත් විය.   


 - 048

 


අදහස් (0)

මහනුවර අපරාජිත වාර්තාව අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.