Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වඩාත් ඉහළ වෘත්තීමය තලයකට කැඳවගෙන ඒමත්, ඔවුන්ට වෘත්තීමය සුදුසුකම් සලසා දීමත් අරමුණු පෙරදැරිව වසර 2017 දී ආරම්භ කිරීමට සූදානම් කළ ‘මහනුවර ක්‍රිකට් සරසවිය’ අතරමග නතර වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් තිලංග සුමතිපාල මහතා කටයුතු කරමින් සිටි සමයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ කමිටුව හමුවේ තම සැලැස්ම විස්තර කරමින්, 2017 අපේ්්‍රල් 22 වැනිදා පැවැති විධායක කමිටු රැස්වීමේදී ‘මහනුවර ක්‍රිකට් සරසවිය’ ඉදිකිරීම සඳහා අනුමැතියත් ලබාගෙන තිබිණ.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් අනුමත කරන ලද වැය ශීර්ෂය රුපියල් මිලියන 50 කි.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගත් පසුව, ඔවුන් විසින් තෝරාගනු ලබන්නා වූ විෂය ක්ෂේත්‍රයක ඉහළම කුසලතා සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ලබාදීමයි. එක් එක් විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔවුනට වෘත්තීය සුදුසුකම් සලසා දීමත් මහනුවර ක්‍රිකට් සරසවිය ඉදිකිරීමේ තවත් අරමුණක් විය.
ආසියානු රටවල ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වී සිටින්නන් ද ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාවේ වෘත්තීමය සුදුසුකම් පිළිබඳ කේන්ද්‍රස්ථානයක් මහනුවර පිහිටුවීමත් මහනුවර ක්‍රිකට් සරසවිය ඉදිකිරීමේ තවත් අරමුණක් වූ බව එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’ට පැවසීය.
“ඕක සැලසුම් කළේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එක්කත් එක්කාසු වෙලායි”
“විශේෂයෙන්ම 2016 දී ආසියානු ක්‍රිකට් සම්මේලනයේ මූලස්ථානය කොළඹට ගෙනාවාම තමයි ඒ ගැන වැඩිපුර අවධානයක් යොමු කළේ. ආසියාවේ රටවලට අවශ්‍ය තණතීරු සැකසුම්කරුවන්, ක්‍රීඩාංගණ භාරකරුවන්, විනිසුරුවරුන්, පුහුණුකරුවන් වගේම අභ්‍යාසකවරුන්වත් පුහුණු කරවලා, ඒ අයට වෘත්තීමය නිපුණතා සම්බන්ධ උපාධියක් දක්වා ඉගෙන ගන්න අවස්ථාව සලස්වන්න තමයි මහනුවර ක්‍රිකට් සරසවිය නිර්මාණය කළේ” යයි වසර 2016 සිට 2023 නොවැම්බර් මාසය දක්වාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙසින් කටයුතු කළ මොහාන් ද සිල්වා මහතා පැවසීය.
‘මහනුවර ක්‍රිකට් සරසවිය’ සඳහා තට්ටු 7 කින් සමන්විත ගොඩනැඟිල්ලක් ද ඇතුළුව ගෘහ නිර්මාණ සැලසුම් ද අවසන් කරන ලද නමුත් එය කිසිවකුට නොදන්වාම කාලයේ වැලිතලාව යට සැඟව ගියේය. ඊට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලන එදිරිවාදිකම් හේතුවෙන් මහනුවර ක්‍රිකට් සරසවියට එල්ල වූ විරෝධතා බවද කියැවේ.
මහනුවර ගංගාරාමය රජමහා විහාරයට අයත් අක්කරයකුත් රූඞ් 2 යි පර්චස් 16.5 ක ප්‍රමාණයෙන් යුතු, කටුගස්තොට ප්‍රදේශයේ පිහිටි ඉඩමක්, වසර 90 ක බදු ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පවරා ගැනීමට සාකච්ඡා පැවැත්විණ. ඒ වෙනුවෙන් මල්වත්ත විහාර පාර්ශ්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට 2017 අප්‍රේල් 20 වැනිදා අත්සන් තැබිණ. මෙම අවබෝධතා ගිවිසුම, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්කම් කළමණාකරණ කමිටුව වෙත යොමුකර ඇති බවද වාර්තා විය.
මෙම බදු ගිවිසුම සඳහා වන අයැදුම්පත්‍රය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යවා ඇති අතර භූමියේ සින්නක්කර අයිතිය ගංගාරාමය රජමහා විහාරය සතුව පැවැතීම අවබෝධතා ගිවිසුමේ පැහැදිළිවම සටහන් කර තිබිණ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටියේ, එකක් වසර 30 ක් වන පරිදි, කොටස් තුනකින් යුත් වසර 90 ක බදු පදනම මත කටයුතු කිරීමේ අයිතිවාසිකම පමණි.
පළමු වසර 30 සඳහා වන බද්ද වන රුපියල් 26,250,000 ක මුදල, වාර්ෂිකව කොටස් වශයෙන් ගෙවීමට එකඟතාවක් ඇතිකර ගැණින.
නියමිත සැලසුම් අනුව කටයුතු සිදුවූයේ නම් 2018 සැප්තැම්බර් 26 වැනිදා මහනුවර ක්‍රිකට් සරසවිය වෙනුවෙන් මුල්ගල් තැබීමට නියමිතව තිබිණ. එහෙත් එවැන්නක් සිදු නොවීය. 2019 ජූනි 30 වැනිදාට පොරතුව, උපාධි ප්‍රධාන ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන අයැදුම්පත අධ්‍යාපන ලේකම්වරයා වෙත යැවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත් වූ බව විගණන වාර්තාවක සටහන් වේ.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අනුමත කරන ලද රුපියල් මිලියන 50 න් තවමත් වැය කර ඇත්තේ රුපියල් මිලියන 30 ක ආසන්න ප්‍රමාණයක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. ඒ අතරට රුපියල් ලක්‍ෂ 5 ඉක්මවූ නීතී උපදේශන ගෙවීම් ද ඇතුළත් වෙයි.
2018 මැයි මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය වෙනස්වීම හේතුවෙන් මෙම ව්‍යාපෘතියට අදාළ සැලැස්ම සැඟවුණු තැනක් සොයාගත නොහැකි විය. මේ අතර 2019 නොවැම්බර් මාසයේදී ජාතික විගණන කාර්යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දුන්නේ මහනුවර ක්‍රිකට් සරසවිය ඉදිකිරීම සම්බන්ධයෙන් නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුගත වියයුතු බවයි.
(ඡායාරූපයේ විස්තරය හා අයිතිය - අභියෝග හමුවේ නොසැලුණු තරණය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.