Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර ක්‍රීඩකයන්ගේ කොළඹ සම්ප්‍රාප්තිය ඉරිදා
අන්තර් සමාජ රග්බි ලීගය

මහනුවර ක්‍රීඩකයන්ගේ කොළඹ සම්ප්‍රාප්තිය ඉරිදා

editorial - 2024 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

මහනුවර, නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට සහ යුද හමුදාවට එරෙහිව පිට පිටම දැවැන්ත ජයග්‍රහණ දෙකක් ලබා සිටින මහනුවර ක්‍රීඩා සමාජය, මෙවර අන්තර් සමාජ රග්බි ලීගය යටතේ කොළඹදී සහභාගි වන පළමු තරගය එළබෙන ඉරිදා (29 වැනිදා) ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වේ. 

පස්වරු 3.45 ට ආරම්භ වීමට නියමිත එම තරගයේදී මහනුවර කණ්ඩායම ශ්‍රීනාත් සූරියබණ්ඩාරගේ නායකත්වය යටතේද, සී.එච්. කණ්ඩායම ජනිඳු දිල්ෂාන්ගේ නායකත්වය යටතේද තරග වදිනු ඇත. පළමු සතියේදී ගුවන් හමුදාව හමුවේ පරාජයට පත්වූ නමුත්, දෙවැනි සතියේදී පොලිසියට එරෙහිව ජය ලැබූ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය, මේ වන විට ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවේ. 

තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් යුද හමුදාවට එරෙහිව ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය හෙට (27 වැනිදා) පස්වරු 3.45 ට පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙනු ඇත. අනිද්දා (28 වැනිදා) දිනයේදී තවත් තරග දෙකක් පැවැත්වෙන අතර එහිදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිසියත්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව නාවික හමුදාවත් තරග වදිනු ඇත. එම තරග දෙකම පස්වරු 6.30 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ. 

ඉහත කණ්ඩායම් අතරින් මහනුවර ක්‍රීඩා සමාජය හැරුණුකොට මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජය ගෙන ඇත්තේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පමණි. සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ යුද හමුදාව එක් තරගය බැගින් ජයගෙන සිටියි. ගුවන් හමුදාවද එක් තරගයක් ජයගෙන ඇති නමුත් මෙම සතියේදී ඔවුන්ට විවේකයක් හිමිව තිබේ. නාවික හමුදාව, පොලිසිය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සිය පළමු ජය ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම සතියේදී තරග බිමට අවතීර්ණ වනු ඇත.  

තෙවැනි සතියේ තරග කාලසටහන 

  • දෙසැ. 27 වැනිදා - යුද හමුදාව සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට 
  • දෙසැ. 28 වැනිදා - හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේදී - පස්වරු 6.30 සිට 
  • දෙසැ. 28 වැනිදා - සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී - පස්වරු 6.30 සිට 
  • දෙසැ. 29 වැනිදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර ටොරින්ටන් පෙදෙස ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී - පස්වරු 3.45 සිට 

 

 


අදහස් (0)

මහනුවර ක්‍රීඩකයන්ගේ කොළඹ සම්ප්‍රාප්තිය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.