Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ 12 වැනි සතිය නිමාවන විට කුසලාන ශූරතාව දිනාගැනීම සඳහා වැඩි ඉඩකඩක් සලසා ගැනීමට තවමත් තරගාවලිය පුරා අපරාජිතව සිටින මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව ඇත.
මූලික වටය යටතේ සහභාගි වූ තරග 8 ම ජය ලැබූ මහනුවර ක්‍රීඩකයෝ, ඉකුත් සති අන්තයේදී කුසලාන වටය යටතේ ගුවන් හමුදාවට එරෙහිව පැවැති තරගය ජයගැනීමත් සමග සිය ලකුණු සංඛ්‍යාව 53 ක් දක්වා ඉහළ දමාගත්හ. ඊට ප්‍රසාද ලකුණු 8 ක්ද ඇතුළත්ය.
මහනුවර ක්‍රීඩා සමාජයට තරගයක් දීම සඳහා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ තෙවැනි ස්ථානයේ පසුවන සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය මේ වන විට පිළිවෙලින් ලකුණු 43 ක් සහ 42 ක් බැගින් ලබා සිටියි. ඒ අනුව ඔවුන්ට මහනුවර කණ්ඩායම පසුකර යෑම සඳහා කුසලාන වටය යටතේ ඉතිරිව ඇති තරග 2 ජය ගැනීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත.
හැව්ලොක්ස් කණ්ඩායම මෙන්ම සී.ආර්. කණ්ඩායමද ඉදිරි සති අන්ත දෙකේදී කුසලාන වටය යටතේ මහනුවර කණ්ඩායමට සහ ගුවන් හමුදාවට එරෙහිව තරග 2 කට බැගින් සහභාගි වීමට නියමිතය. එහෙත් එහිදී ඔවුන්ට මහනුවර කණ්ඩායම පසුකර ලකුණු සටහනේ ඉදිරියට යෑමට හැකි වන්නේ එම තරග ප්‍රසාද ලකුණුද සමග ජයගත හොත් පමණි.
එසේ වුවත් හැව්ලෝක්ස් සහ සී.ආර්. යන කණ්ඩායම් දෙකෙන් එකක් කුසලාන ශූරතාව දිනාගැනීමට නම් මහනුවර කණ්ඩායම අනිවාර්යෙන්ම එම කණ්ඩායම් දෙකම හමුවේ ප්‍රසාද ලකුණු නොලබා පරාජයට පත්විය යුතුය. එබැවින් මෙවර තරගාවලියේ කුසලාන ශූරතාව හුදෙක්ම මෙම කණ්ඩායම් තුන ලබාගන්නා ප්‍රසාද ලකුණු සංඛ්‍යාවන් මත රඳා පවතිනු ඇත.
එබැවින් මේ වන විට හැව්ලෝක්ස් කණ්ඩායමට වඩා ලකුණු 10 ක්ද, සී.ආර්. කණ්ඩායමට වඩා ලකුණු 11 ක්ද ඉදිරියෙන් සිටින මහනුවර ක්‍රීඩකයෝ මෙවර කුසලාන ශූරතාවට අත පොවන මානයේ සිටින බව කිව හැකිය. ඒ ඉතිරිව ඇති තරග 2 ම පරාජයට පත්වුවද, එහිදී ප්‍රතිවාදීන්ට ප්‍රසාද ලකුණු ලබා නොදුන්න හොත් කුසලාන ශූරතාව ඔවුන් සතුවන බැවිනි.
යම් හෙයකින් මෙම කණ්ඩායමේ තුනේම හෝ කණ්ඩායම් දෙකක ලකුණු සමාන වුවහොත් එහිදී වැඩි වාසි හිමිවන්නේද මහනුවර කණ්ඩායමටය. ඒ එවැනි අවස්ථාවකදී සලකා බලන ලකුණු පරතරය අනුව ඔවුන් ඉදිරියෙන් සිටින බැවිනි. මේ වන විට මහනුවර කණ්ඩායමේ ලකුණු පරතරය 296 ක් වන අතර හැව්ලොක්ස් සහ සී.ආර්. කණ්ඩායම්වල ලකුණු පරතරයන් පිළිවෙලින් 79 ක් සහ 90 ක් ලෙස සටහන් වේ.
මේ අතර පළඟ ශූරතාව දිනාගැනීම සඳහා සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ලකුණු 33 ක් ලබා ඉදිරියෙන් සිටින අතර යුද හමුදාව සහ පොලිසිය පිළිවෙලින් ලකුණු 30 ක් සහ 27 ක් ලබා සී.එච්. කණ්ඩායම හඹා යමින් සිටියි. ඉදිරි සති දෙක තුළදී සී.එච්. කණ්ඩායමට එක් තරගයක්ද, යුද හමුදාවට සහ පොලිසියට තරග 2 බැගින්ද ඉතිරිව තිබේ.
මෙම තරගාවලියේදී තරගයක් ජය ගැනිම වෙනුවෙන් කණ්ඩායමකට ලකුණු 5 ක් හිමිවන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ තරගයකදී උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් ලබාගතහොත් හෝ ලකුණු 7 කට අඩු පරතරයකින් තරගයක් පරාජයට පත්වුවහොත් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.