Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස මහනුවර බෝල්ට්ස් කණ්ඩායම සහ නුවරඑළිය කිංග්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර බෝල්ට්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග අවසන් වටයට සුදුසුකම් ලබන සිවුවැනි කණ්ඩායම බවට පත්වීමටද මහනුවර කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 112 ක ඉලක්කයක් හඹාගිය නුවරඑළිය කිංග්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 106 ක් පමණි. ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 26 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 50 ක් ලබා නුවරඑළිය ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.
ආරම්භක පිතිකරු කයිල් මේයර්ස් (36) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 20 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද අවිෂ්ක සමත් වූ අතර පන්දු 15 කදී වාර්තා වූ මේයර්ස්ගේ ඉනිමට හයේ පහර 5 ක් සහ හතරේ පහරක් ඇතුළත් විය. තිසර පෙරේරා සහ ඇරිනෙස්ටෝ වෙස්හා කඩුලු 2 බැගින් බිඳහෙළමින් නුවරඑළිය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් මහනුවර බොල්ට්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 111 ක් ලබාගත්තේය. පන්දු 14 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 41 ක් රැස්කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නුවරඑළිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එහිදී ෂෙහාන් ජයසූරිය පන්දු 11 කින් වේගවත් ලකුණු 33 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත සිය ඕවර 2 ලකුණු 16 කට සීමා කරමින් කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ කඩුලු ත්‍රිත්වයක්ද සමගිනි. මහනුවර පිතිකරුවන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑම වලක්වාලීම සඳහා රාජිතට අනගි සහායක් දුන් ළහිරු මධුෂංක ලකුණු 9 කට සිය ඕවර 2 සීමා කරමින් කඩුලු 2 ක් බිඳහෙළුවේය. එහිදී චාමික කරුණාරත්න සහ බෙනී හොවෙල් කඩුල්ල බැගින් දවාගත්හ.
මහනුවර බෝල්ට්ස් පිල - ඕවර 10 කදී කඩුලු 9 ක් දැවී 111
(පැතුම් නිස්සංක 41, දිනේෂ් චන්දිමාල් 13, ෂෙහාන් ජයසූරිය 33, කසුන් රාජිත 16/4, ළහිරු මධුෂංක 09/2)
නුවරඑලිය කිංග්ස් පිල - ඕවර 10 කදී කඩුලු 5 ක් දැවී 106
(කයිල් මේයර්ස් 36, අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී 50, තිසර පෙරේරා 11/2, ඇරිනෙස්ටෝ වෙස්හා 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.