Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරග 28 දා

මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරග 28 දා

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A


 

තෙවැනි වරටත් පැවැත්වෙන මහනුවර රාතී‍්‍ර මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 28 වැනිදා රාතී‍්‍ර 7.00 සිට 29 වැනිදා අළුයම පහන් වන තුරු මහනුවර නගරය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය.

කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සමාජය සහ මහනුවර  ඕෆ් රෝඞ් සහ ඇඞ්වෙන්චර් කී‍්‍රඩා සමාජයත් ආසියානු මෝටර් රථ කී‍්‍රඩා සමාජයත් සමග එක්ව සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය සඳහා දිවයිනේ ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ ධාවකයන් සහ යතුරුපැදිකරුවන් රැසක් සහභාගීවීමට නියමිතය.

මෝටර් රථ තරග 10 කින් සහ යතුරුපැදි තරග 8 කින් සමන්විත වන මෙම තරගාවලියේ ධාවන පථය පෙර පැවති තරගාවලියේදී භාවිතා කළ ධාවන පථයට වඩා තරමක් වෙනස් වන අතර එහි දුර කිලෝ මීටර් 1.1 කි.

ඒ අනුව මහනුවර පොලිසිය ඉදිරිපිටින් ආරම්භ වන නව ධාවන පථය ඇහැලේපොළ කුමාරිහාමි මාවත, කැප්පෙටිපොළ පාර, එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මාවත, පූජ්‍ය අලූත්ගම ශ්‍රී ධම්මානන්ද මාවත සහ පල්ලිය පාර පසුකරමින් නැවතත් මහනුවර පොලිසිය ඉදිරිපිටට පැමිණීමන් අවසන් වේ.

කෙසේ වුවත් මෙම තරගාවලිය මහනුවරදී පැවැත්වීමට සිය විරෝධය දක්වමින් ත්‍රෛයිනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරෝධතා ලිපියක් යොමුකර තිබෙන අතර උඩුගම ශ්‍රී බුද්ධරක්ඛත අස්ගිරි මහනාහිමියන් සහ නියංගොඩ විජිතසිරි මල්වතු අනුනාහිමියන්ද, දවුල්දෙණ ඤාණිස්සර ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනාහිමියන් සහ නාපාන පෙමසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනාහිමියන්ද එම ලිපියට අත්සන් තබා ඇත.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී මෝටර් රථ කී‍්‍රඩා සමාජයේ ලේකම් ජාලිය ජයසේකර මහතා කියා සිටියේ එවැනි ලිපියක් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත්,  තරගාවලියේ සංවිධාන කටයුතු කිසිදුවෙනසකින තොරව කරගෙන යන බවත්ය. තව දුරටත් අදහස් දැක්වූ ඔහු, තරගාවලිය සඳහා වසා තබන මාර්ග වෙනුවට විකල්ප මාර්ග සූදානම් කර තිබෙන බැවින් සැළසුම් කර ඇති ආකාරයට තරගාවලිය පැවැත්වීමට හැකිවනු ඇතැයි  පැවසීය.

 


අදහස් (3)

මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරග 28 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.