Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාදයේ වළලූකර ශල්‍යකර්මයකට ලක්ව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග වැඩි දුර ප‍්‍රතිකාර සදහා මේ වන විට ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබේ.
වෛද්‍ය උපදෙස්වලින් අනතුරුව මාලිංග, නවසීලන්තයේ පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට එකතු වීමට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අද (2 වැනිදා) පෙරවරුවේදී පැවසීය.
”මාලිංගට ප‍්‍රතිකාර කරන ඕස්ටේ‍්‍රලියානු වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට ඔහු කලින්ම පිටත්ව ගියා. මේ වන විට පන්දු යවනවා, ඕස්ටේ‍්‍රලියාවෙන් ඔහු නවසීලන්තයට ගොස් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය නිලධාරීන් සමඟ දිගටම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා” යයිද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
මාලිංග පසුගිය ඔක්තෝම්බර් මස ඕස්ටේ‍්‍රලියාවේදී වම් පාදයේ වළලූකර ශල්‍යකර්මයකට මුහුණ දුන් අතර ඒ හේතුවෙන් සති දෙකක පමණ කාලයක් අත්වාරුවෙන් ගමන් කළේය. පසුව අත්වාරුව නොමැතිව සුළු ශාරීරික ව්‍යායාමවල නිරත විය. මාලිංග මේ වන විට පුහුණුවීම්වලදී පන්දු යවමින් සිටියි.
නවසීලන්ත සංචාරයේ එක්දින තරගාවලියටද ලසිත් මාලිංග නම් කරන ලද නමුත් ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත පමණක් තරග සඳහා යොදා ගැනෙනු ඇත. කෙසේ වෙතත් තේරීම් කමිටු නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ නවසීලන්ත සංචාරයේ අවසන් තරග දෙක සඳහා මාලිංග කී‍්‍රඩා කරන බවයි. මාලිංග කණ්ඩායමට එක්වූ විගසින්ම නවසීලන්ත තරගාවලිය සඳහා ලසිත් මාලිංග වෙනුවෙන් නම්කරන ලද කී‍්‍රඩකයා ශී‍්‍ර ලංකාවට කැඳවන බවත් හෙතෙම පැවසීය.
ලෝක පූජිත දකුණතින් වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග මේ වන විට එක්දින තරග 177 කදී කඩුලූ 271 ක් දවා ගැනීමට සමත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.