Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මාලිංග තවමත් බංකුවේ

මාලිංග තවමත් බංකුවේ

ශනුක අරවින්ද - 2015 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පස්වැනි තරගය හෙට (23 වැනිදා) නවසීලන්තයේ ඩනෙඩින් නුවරදී පැවැත්වේ. 

නවසීලන්තයෙන් ලැබෙන වාර්තා වලින් කියැවෙන්නේ ලසිත් මාලිංග තවමත් තරග කිරීම සඳහා සූදානම් නැති බවයි. ඒ අනුව අද තරගයේදී නුවන් කුලසේකරගේ සහායක වේග පන්දු යවන්නා කවරෙක්ද නැතහොත් නුවන් කුලසේකරටත් ස්ථානය අහිමි වේද යන්න ඇත්තේ කුකුසකි. 

මේ වන විට නවසීලන්ත පිල තරග 2-1 කින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර ශී‍්‍ර ලංකා කණඩායමට තරගාවලියේ ජයක් පිළිබඳ බලාපොරොත්තු තැබීමට නම් මෙම තරගය ජයගත යුතුම වෙයි. තරගාවලියේ එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී තිබෙන බැවින් තරගාවලිය සම වීමේ අවස්ථාවක්ද නැතුවා නොවේ. 

මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිලේ ශක්තිය වී තිබෙන්නේ පළපුරුදු කී‍්‍රඩකයන් තිදෙනා වන තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පමණි. සෙසු කී‍්‍රඩකයන් සියලූ දෙනාම පාහේ අසාර්ථක වී තිබේ. 

ලෝක කුසලාන තරගාවලිය සඳහාත් යයි කියමින් තෝරාගත් දිමුත් කරුණාරත්නට එක්දින තරගාවලියේ තරග 4 න් ඉනිම 3 කදීම ලබාගත හැකිවී ඇත්තේ ලකුණු 31 ක් පමණි. ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ 5, 21 ක් සහ 5 ක් වශයෙනි. 

ඊට සාපේක්‍ෂව නවසීලන්ත කී‍්‍රඩකයෝ සියලූ දෙනාම පාහේ ඉතාමත් සාර්ථක වෙමින් සිටින අතර රොස් ටේලර් සහ ඩැනිවෙල් විටෝරි පමණක් තමන්ගේ රිද්මය සොයා ගැනීමේ උත්සාහයක නිරතව සිටිති. 

නවසීලන්තයේ දකුණු දිවයිනේ වඩාත්ම පහළින්ම පිහිටි කී‍්‍රඩාංගණය වන ඩනෙඩින් විශ්ව විද්‍යල ‘ ඕවල්’ කී‍්‍රඩාංගණය, දක්‍ෂණ ධ‍්‍රවයට වඩාත්ම ආසන්න කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ලෙසින් සැලකේ. 

මෙම තත්ත්වය මත දැඩි ශීතල දේශගුණික තත්ත්වයක් යටතේ ශී‍්‍ර ලංකා පිලට තරග කිරීමට සිදුවන අතර ශී‍්‍ර ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය පැවැත්වෙන්නේද මෙම කී‍්‍රඩාංගණයේදීමය. 

ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගාවලියේ පස්වැනි සහ හයවැනි තරග දෙකම මෙම කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. 

 


අදහස් (1)

මාලිංග තවමත් බංකුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.