Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 23 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර මුම්බායිහි වෙන්කඬේ කී‍්‍රඩාංගණයේදී අද (25) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් පිලට නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137 ක් පමණි.
ආරම්භක පිතිකරු ශිකර් ධවාන් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 42 ක් රැස්කරමින් හයිද්‍රාබාද් පිලට වේගවත් ආරම්භයක් ලබාදුන්නේය.
කෙසේ වුවත් අනෙකුත් පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා හයිද්‍රාබාද් පිලට ජයග‍්‍රහණය කරා යෑමට නොහැකි විය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග ඕවර 4 ක් යවා ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය. ලකුණු 20 කට කඩුලූ 3 ක් දවාගත් මිචෙල් මැක්ලෙගන් මුම්බායි පිල ජයග‍්‍රහණය කරා රැගෙන යෑම සඳහා මාලිංගට අගනා සහයක් දුන්නේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය.
මුම්බායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු ලෙන්ඞ්ල් සිමන්ස් පන්දු 42 කදී ලකුණු 51 ක් රැුස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගිනි.
නායක රොහිත් ශර්මා (24) සමග එක්ව මුම්බායි පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සිමන්ස් සමත් විය.
වේගවත් පිතිහරඹයක නිරත වූ කිරන් පොලාඞ් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 33 ක් රැස්කළේය. ඕවර 4 ක් යවමින් ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගැනීමට බුවනේෂ්වර් ක-ුමාර් සමත් විය.
කාසියේ වාසිය දිනූ මුම්බායි පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 8 කට 157
(ලෙන්ඞ්ල් සිමන්ස් 51, පාර්තිව් පටේල් 17, රෝහිත් ශර්මා 24, කිරන් පොලාඞ් 33, බුවනේෂ්වර් කුමාර් 26/3, ප‍්‍රවීන් කුමාර් 35/2, ඬේල් ස්ටේන් 2)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලූ 8 කට 137
(ශිකර් ධවාන් 42, ලෝකේෂ් රාහුල් 25, රවී බොපාරා 23, හනුමා විහාරි 16, ලසිත් මාලිංග 23/4, මිචෙල් මැක්ලෙනගන් 20/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.